පුතණුවනි,
කියමි මම නුඹට
පළිඟු පියගැටපෙළක් නොවූ වග
ජීවිතය මා හට...
මගේ පුවත්පත්කලා ජීවිතයේ ලද මහඟු අවස්ථාවක් වූයේ විවිධ විද්වතුන් සමග විවිධ විෂය ක්ෂේත්‍ර සම්බන්ධව සම්මුඛ සාකච්ඡා පවත්වන්නට ලැබීමය. ‘මුරගල’ සඟරාවේ කටයුතු කරමින් සිටි අවධියේ එබඳු අවස්ථා ගණනාවක් උදා වූ අතර, ඒ අනුව එබඳු සුවිශේෂ සම්මුඛ සාකච්ඡාවක් 2007 නොවැම්බර් 25 වන දා පැවැත්වීමට ලැබුණේ කුරුවිට එක්නැලිගොඩ වලව්වේදීය. ඒ දැනට දින කිහිපයකට ඉහත ජීවිතයෙන් සමුගත්, ලෝ ප්‍රකට විද්වතකු වූ ආචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා සමගය. ඔහු සිය පුරා විද්‍යා කැණීම් මගින් අනාවරණය කරගත් කාරණා ප්‍රාග් ඓතිහාසික මානවයා සම්බන්ධව ලෝක පරිමාණ වැදගත්කමක් උසුලයි. එසේම, ලංකාවේ ඉතිහාසය පිළිබඳ පිළිගත් මති මතාන්තර අභියෝගයට ලක්කරන පුරා විද්‍යාත්මක සාධක රැසක් ඔහුගේ පර්යේෂණ මගින් අනාවරණය කර ගෙන තිබේ. ආචාර්ය දැරණියගල මහතා සමග සිදු කෙරුණු මෙම සම්මුඛ සාකච්ඡාවෙන් ප්‍රාග් ඉතිහාසය පිළිබඳව එබඳු සුවිශේෂ කරුණු රැසක් අනාවරණය කරගත විණි.
අපේ රටේ සුවිශිෂ්ට පුවත්පත්කලාවේදියකු වූ දයාසේන ගුණසිංහයන් අප අතරින් නික්ම ගොස් ඔක්තෝබර් 07 එනම් අද දිනට වසර 25ක් සපිරෙයි. ඔහු විසින් 1989 නොවැම්බර් මස 06 වැනි දින, 'විදුසර' පුවත්පතේ දෙවර්ෂ පූර්ණ අතිරේකයට ලියන ලද මෙම ලිපිය උපුටා දක්වන්නේ ගුණසිංහ මහතා වෙත කරන උපහාරයක් වශයෙනි. දශක තුනකට පෙර ඔහු විසින් මෙම ලිපිය මගින් ඉදිරිපත් කරන අදහස් පුවත්පත්කලාවේදී ඔහු පිහිටා සිටි ආස්ථානය අනාවරණය කරන ඓතිහාසික ලේඛනයක් වන්නේය.
‘දෙවියන් වහන්සේ යම් අයකු සමග ඉතා තදින් උරණ වූ විට එම තැනැත්තා තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියකු බවට පත් කරතැ’යි කියමනක් පුවත්පත් ලෝකයේ වෙයි. සැබැවින්ම තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියා වෙත පැවරී ඇත්තේ මෙහෙවරක් නොව දඬුවමක් යැයි සිතෙන තරමට ඔහුගේ වෘත්තිය දුෂ්කරය. එමෙන්ම කටුකය. එහෙත් ඇතැම් විට එය අන් කිසිදු වෘත්තියකින් නොලැබිය හැකි තරමේ තෘප්තියක් හා චෛතසික සුවයක් ලබා දෙන වෘත්තියක් බවද කිය යුතු වේ.
තිස්ස නිහාල් වික්‍රමසිංහ සහෝදරයා කතා කළේ උදාසනමය.
“මල්ලි... මගේ ළඟම හිතවත් ඩොක්ටර් කෙනෙක් මැරිලා කොවිඩ් හැදිලා. කුරුණෑගල හොස්පිට්ල් එකේ වැඩ කළේ. මට අවුරුදු 32කින් මුණගැහිලා නැහැ. සුදත් බණ්ඩාර කියල ඩොක්ටර් කෙනෙක්. ඒ කාලෙ මාර පොරක් !”
ම’විසින් ලියන ලදුව Lanka Lead News වෙබ් අඩවියෙහි පළ වූ ලිපියකි.
“ජූලියේ ගිනි දැයට වින කළ දා
අසරණව අප සැවොම ඉකිබින්දා
අපේ කඳුළැල් ඔබ නොදුටු හින්දා
ඔබත් වියරුව අපට ගිනි බින්දා
වෛරයෙන් වෛරයම ලුහු බැන්දා”
ම’විසින් ලියන ලදුව Lanka Lead News වෙබ් අඩවියෙහි පළ වූ ලිපියකි.
එවකට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩිගේ මැදිහත්වීමෙන් 1961 වසරේදී United States Agency for International Development (USAID) ආයතනය පිහිටු වූයේ ‘ඇමරිකා එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය’ හා ‘අන්තර්ජාතික සංවර්ධන ආධාර’ යන ක්ෂේත්‍ර දෙක සම්බන්ධ කරමිනි. එමගින් එක්සත් ජනපදයේ අන්තර්ජාතික භූ දේශපාලන උපාය මාර්ගය පුළුල් පරාසයක ක්‍රියාත්මක කිරීමටත්, එහිදී වඩා වැඩි ඵලදායීභාවයක් අත්පත් කරගැනීමටත් අපේක්ෂා කෙරිණි. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය හා ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කොටගත් කඳවුරු දෙක සහිත සමකාලීන ද්වි ධ්‍රැවීය ලෝක දේශපාලන යථාර්ථය තුළ තම කඳවුරේ බලය ව්‍යාප්ත කර ගැනීම එහි අප්‍රකාශිත අරමුණ විණි.
ගෙවුණු දශකයේ
(2011-2021) මගේ මුද්‍රිත පොත් අස්වැන්න 7කි.
මා විසින් රචිත පළමු ග්‍රන්ථය
පළවූයේ 2011 ජූලි මාසයේදීය. ඒ, ‘සී/ස සඳ එළිය’ නමැති කෙටිකතා සංග්‍රහයයි. දෙවන
කෘතිය වූ ‘දයාසේන ගුණසිංහ - තීරු රචනා විමර්ශන’ 2011 අගෝස්තු මාසයේදී පළ විණි. මේ
ග්‍රන්ථ දෙකම එස්. සිවකුමාර් සහෝදරයාගේ ‘සඳකඩපහණ’ ප්‍රකාශන ආයතනයෙන් පළ කෙරිණ.
මා විසින් Lanka Lead News වෙබ් අඩවියට ලියූ ලිපියකි.
ලාංකේය ස්වභාෂා අධ්‍යාපනයට ඉහළින් නැවතත් කනකොක් හඬක්ද, කනකොක් පියාසැරියක්ද අසන්නට දකින්නට අපට සිදුවී තිබේ.
එක් ආගමික සාහිත්‍යයක මෙබඳු පාඨයක් සඳහන්ව තිබෙනු අපි අසා ඇත්තෙමු.
“වෙනස් කළ යුතු දේ වෙනස් කිරීමට දිරියද, වෙනස් නොකළ යුතු දේ නොවෙනස්ව තබා ගැනීමට සවියද ඒ දෙක එකිනෙකින් වෙන් කර ගැනීමට නුවණද කරුණාවෙන් මට දානය කළ මැනව.”
අදින් හරියටම වසර 35කට පෙර, එනම් 1986 ජූනි මස 02 වන දින මෙරට ජාතික පුවත්පතක සුවිශේෂ කතුවැකියක් පළවිණ. එම පුවත්පත ‘දිවයින ඉරිදා සංග්‍රහය’ වූ අතර, කතුවැකියේ රචකයා වූයේ ‘දයාසේන ගුණසිංහ’ නමැති අභීත පුවත්පත් කලාවේදියාය. “අද පවතින්නේ අරාජික යුගයක්ද?” යන මැයෙන් වූ එම කතුවැකියට නිමිත්ත වූයේ, එවක කොටි ත්‍රස්තවාදීන් විසින් නිරන්තරයෙන්ම සිදු කළ බෝම්බ පිපිරවීම් නිසා මෙරට පුරවැසියන්ගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබූ පසුබිමක, එවක මෙරට රාජ්‍ය නායකයා වූ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින්, “රටවැසියා තමන්ගේ ආරක්ෂාව තමන්ම බලා ගත යුතුය” යනුවෙන් කළ වගකීම් විරහිත ප්‍රකාශයයි. මෙම ප්‍රකාශය නිර්දය ලෙස විවේචනය කරමින් ගුණසිංහයන් විසින් ලියූ කතුවැකිය, ජයවර්ධන ජනාධිපතිවරයා කියවූයේ, එවකට එක්සත් ජාතික පක්ෂයට හිතවත්ව සිටි විශ්ව විද්‍යාල කතිකාචාර්යවරයකු ලවා ඉංග්‍රීසියට පරිවර්තනය කර ගැනීමෙනි. කතුවැකි රචකයා විසින් ජනාධිපතිවරයාට එල්ල කළ ප්‍රහාරය කෙතරම් ප්‍රබල වීද යත්, ඊට ලැබුණු ප්‍රතිප්‍රහාරය වූයේ ගුණසිංහයන් “දිවයින ඉරිදා සංග්‍රහයේ” රැකියාවෙන් වහාම ඉවත්කිරීමට එහි පාලනාධිකාරයට ජනාධිපතිවරයා ඍජුවම නියෝග කිරීමයි. එහි ප්‍රතිඵලය ලෙස, දයාසේන ගුණසිංහයන් විසින් අවසන් වරට ලියන ලද කතුවැකිය බවට 1986 ජූනි 02 වන දා ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ පළ වූ කතුවැකිය පත් විණි. එසේම පසුකාලීනව එය මෙරට සන්නිවේදන ඉතිහාසයේ සුවිශේෂ ලියැවිල්ලක් බවට පත් වූයේ, මෙරට පුවත්පත්කලා ඉතිහාසයේ, කතුවැකි රචකයකුට ස්වකීය මතවාදය හේතුවෙන් සිය රැකියාවෙන් වන්දිගෙවිමට සිදු වූ කතුවැකිය ලෙසට එය හඳුනාගත් බැවිනි.
පහත පළ වන්නේ එම ඓතිහාසිකවූත්, සුවිශේෂීවූත් කතුවැකියයි.
2001 දෙසැම්බරයේ බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා රාජ්‍යය ඇද දැමු ප්‍රධාන අනතුර වූයේ, 2002 පෙබරවාරියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොටි සංවිධානය සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම මගින් මේ රට බෙදා වෙන් කොට, කොටි සංවිධානයට වෙනම රාජ්‍යයක් ගොඩනඟාදීමේ වැඩපිළිවෙළයි.
කොටි ත්‍රස්තවාදය පරාජය කොට 12 වන වසර සමරන මේ මොහොතේ එම ජයග්‍රහණයේ බර වඩාත් තදින් දැනෙනු ඇත්තේ එම ගිවිසුම මගින් මෙරටෙහි ඇති කළ බිහිසුණු තත්ත්වය පිළිබඳ අවබෝධයක් තුළ බව අපගේ විශ්වාසයයි. එකී අවබෝධතා ගිවිසුමෙන් පසු වසරක කාලයක් ඇතුළත ලංකාව තිබූ තත්ත්වය මේ සටහන මගින් ඔබට සිහිපත් කරනු ඇත.
අත්‍යවශ්‍ය පෙර සටහන :
කොවිඩ් මර්දනය සඳහා මෙරට තිබූ ප්‍රධානතම “බාධකය” මේ වන විට බිඳ දමා අවසන්ය. ඒ බාධකය වූ කලී දේශීය දැනුම පදනම් කර ගත් ඖෂධ - ප්‍රතිකාර කොවිඩ් පාලනය සඳහා භාවිත කිරීමයි. මෙහි කූට ප්‍රාප්තිය ලෙස ගත හැක්කේ කොවිඩ් වෛරසය මැඩ පැවැත්වීම සඳහා “ධම්මික පැණිය” අසමත් බව සායනික පරීක්ෂණ අනුව තහවුරු කිරීමත්, ඒ අනුව එම පැණිය තවදුරටත් නිෂ්පාදනය කිරීම අත්හිටුවීමට පියවර ගැනීමත්ය. මේ අතර කොවිඩ් වෛරසය පාලනය සඳහා එකම විසඳුම එන්නත්කරණය බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඓතිහාසික වෛද්‍ය සම්ප්‍රදායක්, වසර සිය දහස් ගණනක් තිස්සේ පැවත ආ මානව සෞඛ්‍යය හා සබැඳි චින්තන ප්‍රවාහයක් - සංස්කෘතියක් කෙළ පිඩක් සේ බැහැර කර තිබේ.
Lanka Lead News වෙබ් අඩවියට මා ලියූ ලිපියකි.
සති අන්ත සිංහල හා ඉංග්‍රීසි පුවත්පත්වල දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන විසින් පවත්වනු ලබන උපාධි – පශ්චාත් උපාධි – ඩිප්ලෝමා පාඨමාලා සම්බන්ධ දැන්වීම්වලින් ද, ඒවායේ උපාධි ප්‍රදානෝත්සවවල ආකර්ෂණීය ඡායාරූපවලින් ද සැරසුණු පිටු – අතිරේක බලන විට හැඟෙන්නේ, වර්තමානයේ මෙරට තුළ පවතින උසස් අධ්‍යාපන අවස්ථා, ඒවාට යොමුවීමට තරුණ ප්‍රජාවේ ඇති ශාස්ත්‍රාභිලාෂය, පර්යේෂණ කොට පශ්චාත් උපාධි හදාරා නව දැනුමක් සමාජයට එකතු කරන්නට ඇති කැමැත්ත, ඉහළ වෘත්තිකයින් තුළ පවා නව පර්යේෂණ කිරීමට – ආචාර්ය උපාධිය හැදෑරීමට ඇති අරමුණ පිළිබඳ පහන් සංවේගයකි.
2001 වසරේදී මෙරට වනාන්තර විෂයය පැත්තෙන් එක්තරා බරපතළ තත්ත්වයක් උද්ගත වී තිබිණ. එනම්, ඇමරිකා එක්සත් ජනපදය තමන්ට ලෝකයේ රටවල් ඇති ණය හිලව්වට ඒ රටවල ඇති වනාන්තර ඇමරිකාවට පවරාගැනීමට අවශ්‍ය නීතියක් ඇමරිකාවෙහි සම්පාදනය කරගෙන ඇති බවයි. මෙය මෙරට පරිසර ක්ෂේත්‍රයේ බලවත් සංවාදයක් ඇති කරන්නට සමත් විය. මේ කාරණය නිමිති කරගෙන ''සිතිජය'' සඟරාවේ කවරයේ කතාව ලියන්නට අපි කටයුතු කළෙමු.
මෙහිදී ලංකාවේ වනාන්තර සම්බන්ධව මීට පෙර උද්ගත වූ අනතුරුදායක තත්ත්ව ගැන තොරතුරු ලබාගැනීම පිණිස මම උද්භිද විද්‍යා මහාචාර්ය බී.ඒ. අබේවික්‍රම මහතා හමු වීමි. ඒ වන විටත් අවුරුදු 81ක් පමණ වයසැති මහාචාර්යතුමා තමන්ගේ විෂය පිළිබඳ සම්මුඛ සාකච්ඡාවට එකඟ වූයේ ඉතා කැමැත්තෙනි.