රටක ජනමතය සංවිධානය කිරීමෙහිලා පුවත්පත් කතුවැකිය ඉටු කරන්නේ ප‍්‍රමුඛ භූමිකාවකි. ‘කතුවැකිය’ පුවත්පතේ මතවාදී ආස්ථානය, සමාජය තුළ එම පුවත්පතෙහි භූමිකාව නිරූපණය වන න්‍යෂ්ටිය ලෙස සැලකීම යුක්ති යුක්ත ය. දේශපාලනික - ආර්ථික - සාමාජික - සංස්කෘතික වශයෙන් සමාජයේ උද්ගතවන කිසියම් ප‍්‍රශ්නයක් හෝ සිදුවීමක් හෝ සම්බන්ධ ව පුවත්පත දරන මතය කතුවැකිය නිරූපණය කරයි. පුවත්පතේ විශේෂාංග ලිපියක් තුළ අදාළ ප‍්‍රස්තූතය සාකච්ඡා කරනවාට වඩා, එකී ප‍්‍රස්තූතය පිළිබඳ ව ‘කතුවැකිය’ ලිවීම වඩාත් බලපෑම් සහගත වේ.
Showing posts with label පර්යේෂණ. Show all posts
Showing posts with label පර්යේෂණ. Show all posts
Sunday, October 23, 2022
Monday, March 2, 2020
ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජීවන රටා සහ මුද්‍රිත මාධ්‍ය වෙළෙඳ දැන්වීම්
මේ පර්යේෂණ
නිබන්ධය කවදා හෝ ග්‍රන්ථයක් ලෙස පළ කිරීමේ සිහිනයක් මට තිබුණා. ඒ තවත් පොතක් පළ
කරනවාට වඩා ලංකාවේ ජනසන්නිවේදන, වෙළෙඳ ප්‍රචාරණ හා අලෙවිකරණ විෂයයන්ට වැදගත් වන
පුරෝගාමී පර්යේෂණයක් සමාජගත කිරීමේ අරමුණක්. හෙට දවසේ තවත් පර්යේෂකයින්ට ඉදිරියටයාමට
පර්යේෂණාත්මක පියවරක් තැබීමේ අරමුණක්. මේ රට මට ලබාදුන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්
ණය ගෙවීමක්.
මේ සැබෑ වී
තිබෙන්නේ ඒ හීනය; ඒ අරමුණ.
''ශ්‍රී ලංකාවේ
පාරිභෝගික ජීවන රටා සහ මුද්‍රිත මාධ්‍ය වෙළෙඳ දැන්වීම්''
අපූරු කවරය
නිර්මාණය කර දුන්නේ දර්ශන කරුණාතිලක සොහොයුරා. පෙරවදන මහාචාර්ය අතුල සුමතිපාල
මහතාගෙන්.
මෙම ග්‍රන්ථය, කළමනාකරණ -
අලෙවිකරණ - ජන සන්නිවේදන - වෙළෙඳ ප්‍රචාරණ - සමාජ විද්‍යා විෂයයන්ට අදාළ උපාධි හා
පශ්චාත් උපාධි විද්‍යාර්ථීන්ට මෙන් ම, වෙළෙඳ ප්‍රචාරණ
හා අලෙවිකරණ වෘත්තිකයින්ට ද අත්‍යවශ්‍ය වන ''අන්තර් සංස්කෘතික අධ්‍යයන'' විෂයයට සප්‍රයෝජනවත්
දැනුමක් සම්පාදනය කර තිබෙනවා.
ඔබට මේ කෘතිය, ප්‍රසිද්ධ පොත්හල්වලින් ළඟඳීම මිල දී ගන්න පුළුවන්. (පිටු 460 / මිල රු.950.00)
ඒ වගේම දැනට කොළඹ දී
මිල දී ගන්නවා නම් 011-2371684 අංකයට අමතා, පැමිණ මිල දී ගන්න
පුළුවන්.
Subscribe to:
Posts (Atom)

