තමිළිනී ජෙයක්කුමාරන්ගේ ''තියුණු අසිපතක සෙවණ යට'' පොත එළිදැක්වීමේ අවස්ථාවට
සහභාගී වන්නට සිතාගෙන සිටියද ඒ අවස්ථාව මඟ හැරිණි. පොත මිලදී ගන්නට සිදු වූයේද දින
කිහිපයක් පමා වීය.
තමිළිනීගේ පොතෙහි පසු කවරයෙහි වන, ඇය කොටි සංවිධානයේ නිල
ඇඳුමින් සැරසී සිටින සේයාරුව මගේ ඇසට වඩාත් හුරුපුරුදු ය. මතකය දශකයකට එහා අතීතය වෙත
ඇදීයයි. 2002-2008 කාල වකවානුවේ පුවත්පත්කලා කටයුතු සම්බන්ධ මතකයන් අතරින්, එවක
යුද්ධය සම්බන්ධ ලිපි සංස්කරණය කරමින් සඟරාවේ පිටු නිර්මාණ කරන විට කොටි සංවිධානයට
අදාළ සේයාරූ පිරික්සද්දී ඇගේ රුව රැගත් එබඳු සේයාරූ නිතර හමු වූ බව සිහියට නැගෙයි.