Showing posts with label සිනමාව. Show all posts
Showing posts with label සිනමාව. Show all posts

Thursday, January 16, 2020

''විෂම'' භාග : පරිපූර්ණත්වය පිණිස


      

ලලිත් රත්නායකගේ රූප මාධ්‍ය පෙළහර අප මෙතෙක් දැක තිබුණේ රූපවාහිනී මාධ්‍යයෙනි. එනම්, ටෙලි නාට්‍ය වශයෙනි. එහි දී, ලලිත් සිය අනන්‍යතා සුළකුණ සටහන් කළේ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයාට ඉන් පෙර හමු නො වූ අත්දැකීම් ඉසව් සංස්පර්ශ කරමිනි. එපරිද්දෙන් ම, ලලිත් සිය සිනමා ආගමනයේ පළමු පිය සටහන වන 'විෂම භාග' සිනමා ප්‍රේක්ෂකාගාරය අභිමුව තබන්නේ ද එබඳු භාවිතයකිනි.

Sunday, September 1, 2019

බොලිවුඩ් ආධ්‍යාත්මය කියවමු.


ඉන්දියානු ජනප්‍රිය සිනමා ධාරාව සම්බන්ධව ලාංකේය සමාජයේ දැකිය හැකි හැසිරීම්  අන්ත දෙකක් කේන්ද්‍ර කොටගෙන ගොඩනැඟුණු ඒවා වේ. එක් අන්තයක බොලිවුඩ් සිනමාවට මතුපිටින් වශී වූ කුලකයයි. අනෙක් අන්තයෙහි බොලිවුඩ් සිනමාව දෙස මතුපිටින් බලා ඊට ගරහන කුලකයයි. මෙම අන්ත දෙකට නොවැටී බොලිවුඩ් සිනමාව ගැඹුරින් කියවන කුලකයක් මෙරට තුළ ගොඩනැඟී නොමැත. සැබැවින්ම බොලිවුඩ් සිනමාව යනු එබඳු මතු පිට වශීවීම් හෝ ගැරහීම්වලින් ඔබ්බට ගොස් පළල් සමාජ - දේශපාලන - සන්නිවේදන තලයක තබා ගැඹුරින් කියවීමට ලක් කළ යුතු සිනමා ධාරාවකි. අද ලෝකයේ ඇතැම් සිනමා විචාරකයින්, ඉන්දියානු ජනප්‍රිය සිනමා ධාරාව තුළ නව දේශපාලන සිනමාවක අනන්‍යතා ලකුණු ඇතැයි පවසන්නේ එබඳු බලපෑම් මත ය.
කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය චන්දිමා නිශ්ශංක මහත්මිය සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකින් සැකසුණු මෙම සටහන, බොලිවුඩ් සිනමාව පිළිබඳ නව කියැවීමක් පිණිස වන අනගි ප්‍රවේශයකි.

Tuesday, August 6, 2019

''සංසාරේ දඩයක්කාරයා" සහ සිනමාවේ කාව්‍යක්කාරයා




     











සයිමන් නවගත්තේගමගේ නවකතාවක් ස්වකීය සිනමා නිර්මාණය සඳහා තෝරාගැනීම ම සිනමාකරුවකුගේ අපූර්වවූත්, නිර්භයවූත් තීරණයකි. ඒ අනුව නවගත්තේගමයන් සිංහල සාහිත්‍යයට හඳුන්වා දුන් 'දඩයක්කාරයාගේ සංකල්පය' සහිත නවකතා අතරින් එකක් වන 'දඩයක්කාරයාගේ කතාව' ඇසුරෙන් ප්‍රසන්න ජයකොඩි නිර්මාණය කර ඇති 'සංසාරේ දඩයක්කාරයා' සිනමා නිර්මාණය ඉසියුම් ව විමසා බැලිය යුත්තකි.