Monday, August 12, 2019

දරුවන්ට පුංචි කාලෙ පටන් විද්‍යුත් තිර මාධ්‍ය පරිහරණය කරන්නට දෙන්න එපා !


කැලණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමන්මලී පී. සුමනසේන මහත්මිය සමග 'ඕටිසම්' රෝගය සම්බන්ධ මේ සාකච්ඡාව මා විසින් කරන ලද්දේ 'පර්යේෂණ හා සංවර්ධන ආයතනය' විසින් පළ කරනු ලබන 'ගවේෂණ' සඟරාව වෙනුවෙන්. 












ටිසම් රෝගයේ ස්වභාවය හා එහි ලක්ෂණ මුලින්ම පැහැදිලි කළොත්... 

ළමයින්ගේ ස්නායු පද්ධතිය වර්ධනය වෙන විටම ඇතිවන තත්ත්වයක් හේතුවෙන් ළමා සංවර්ධනයේ වෙනස්කම් ඇති වන්නට පුළුවන්. මෙය ටිසම් ලෙස හඳුන්වනවා. පළමුවන අවුරුදු පහ ඇතුළත ළමයින් වර්ධනය වන පිළිවෙළක් තිඛෙනවා. කතා කරන හැටි, හැසිරෙන හැටි, තමන් පිළිබඳව ඉගෙන ගන්න හැටි.. වගේ පිළිවෙළක් තිඛෙනවා. ඒ පිළිවෙළ වෙනස් වෙනවා. එතකොට ටිසම්වල ප්‍රධාන ලක්ෂණ දෙකක් තිඛෙනවා. එකක් තමයි සමාජය තුළ අන්තර් සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා දෙබසක් - සංවාදයක් පවත්වාගනිමින් කතාබහක යෙදෙන්නට නොහැකි වෙනවා. එහිදී ඒ දරුවන්ගේ යම් යම් අඩුපාඩු තිඛෙනවා. දෙවැනි ලක්ෂණය තමයි ඒකාකාරී හැසිරීම් රටාවක් ඒ දරුවන්ගේ දක්නට ලැඛෙනවා. ඒ ලක්ෂණ තමයි ටිසම් රෝගය ඇතිවුණු දරුවන්ගේ ප්‍රධාන ලක්ෂණ වෙන්නේ. ඊට හේතු වන්නේ දරුවෙකුගේ මොළය - මනස වර්ධනය වෙන විටම ඇතිවන ආකූලතාවක් කියල තමයි හිතන්නේ. 



මවගේ ගර්භනී සමයේ ඇති වන කිසියම් තත්ත්වයනුත් මීට බලපානවද? 

නැහැ. මෙය ඇති වන්නේ මෙන්න මේ හේතුව නිසාමයි කියල තවම සොයාගෙන නැහැ. නමුත් යම් යම් පර්යේෂණ මගින් සොයාගෙන තිඛෙනවා, ටිසම් ඇතිවෙන්න පුළුවන් කියල. දැනට අනුමාන කරන්නේ මූලික වශයෙන් ජාන හේතුවෙන් බවයි. බොහොම සුලුතරයකගෙ ඊට අදාළ ජාන කිහිපයක් හඳුනාගෙන තිඛෙනවා. නමුත් වැඩි ප්‍රමාණයක් දරුවන්ගේ කුමන හේතුවක් නිසා ඇති වෙනවද කියල සොයාගෙන නැහැ. ටිසම් තීරණය වෙන්නෙ ඒ හඳුනාගත් ජාන හේතුවෙන් කියල තමයි හිතන්නෙ. දැන් අපි ගොඩක් රෝග සමාන කරනව දියවැඩියාව සමග. දියවැඩියාව සැලකුවාම පසුකාලෙ ඇතිවන දියවැඩියාව අපේ ජානවලිනුත් තීරණය වෙනවා, මොහු දියවැඩියාව හැදිය යුතු කෙනෙක් කියල. නමුත් දියවැඩියාව මතු වෙන්නෙ අපේ ජීවන රටාව, අපි කන බොන දේවල් සමග. ඒ වගේම තමයි ටිසම්. ටිසම් ඇති කරන ජාන තිඛෙනවා. ඒ ජාන හරියට මතු වෙන්න ප්‍රධාන වශයෙන් දැනට සොයාගෙන තිඛෙන හේතුකාරකය තමයි, දරුවා ඉපදෙන වෙලාවෙ මොළයට යම් හානියක් වුනොත් ඔක්සිජන් මඳ වීමක්, නව ජන්ම කාලය තුළ මොළයට හානියක් වුනොතින් ටිසම් මතු වෙන්න පුළුවන්. ඊට අමතරව වෙන වෙන දේවල් අනුමාන කරනවා. උදාහරණ වශයෙන් කෘෂි රසායනික නිසා සිදුවන පරිසර දූෂණය වගේ. ඒ වගේ තව එක එක දේවල් ටිසම් සමග සම්බන්ධ වෙනවා කියල සොයාගෙන තිඛෙනවා. 

නිවුන් දරුවන් අතර ටිසම් වැඩිපුර ඇති වීමේ තත්ත්වයක් තිඛෙනවාද? 

නිවුන් දරුවන්ගේ ජාන එකයිනෙ. එතකොට ඔවුන් එකම ජාන ඛෙදාගන්නවා. ඊට අමතරව ඔවුන්ට තිඛෙන අවදානම් තත්ත්වයත් වැඩියි. ඔවුන් ඉපදෙන විට ඔක්සිජන් අඩු වෙන්න පුළුවන්. ඉපදෙන විට නොමේරූ ළදරුවන් වශයෙන් ඉපදෙන්න පුළුවන්. එවිට ඔවුන්ගේ මොළයට වෙන්න පුළුවන් හානියත් වැඩි වෙනවා. නමුත් නිවුන් දරුවන්ට සාමාන්‍ය දරුවන්ට වඩා ටිසම් තිඛෙනවා කියල එකක් නැහැ. නිවුන් දරුවන්ගෙත් දකින්න පුළුවන්. ඊට අමතරව දරුවා හැදෙන පරිසරය. ඒ කියන්නෙ මේ තත්ත්වය භාෂාව සහ හැසිරීම් සම්බන්ධයෙන් තිඛෙන ප්‍රශ්නයක්නෙ. එතකොට ළමයි සමග දෙමව්පියො කතා කරනවද, ළමයින්ට කෙතරම් දෙමව්පියන් අන්තර් ක්‍රියා කරනවද, යන කාරණා මත ටිසම් මතුවීම හෝ මතු නොවීම තීරණය වෙනවා. අලූතින්ම සොයාගෙන තිඛෙන කාරණය තමයි විද්‍යුත් තිර මාධ්‍යවල දරුවො තැබුවාම එයිනුත් මතු වෙන්න පුළුවන්. නමුත් ඇති වෙනවා නෙවෙයි. මතු වෙන්න පුළුවන්. මතු වෙන්න පුළුවන් විදියට තමයි ගොඩක් සාධක තිඛෙන්නෙ. ඒ සාධක වෙනස් කරගන්න පුළුවන් නම් වළක්වාගන්න පුළුවන්. 

සමාජයීය වශයෙන් ගත්තාම ටිසම් සම්බන්ධව දැකිය හැකි තත්ත්වයන් කෙබඳුද? 

ටිසම් තිඛෙන පුද්ගලයින් බොහොමයක් සමාජයෙ සිටිනවා. ටිසම්, පරාසයක් තුළ තිඛෙන තත්ත්වයක්. ටිසම් කියන්නේ එක තිතක් මත තිඛෙන තත්ත්වයක් කියල කියන්නට බැහැ. ටිසම් යනු පරාසයක්. ටිසම් ඉතා ඉහළ මට්ටමින් තිඛෙන පුද්ගලයින් සිටිනවා. ඒ වගේ ළමයි පුංචි කාලෙ කිසිවකු සමග කතා කරන්නේ නැහැ, ඔහේ වැනි වැනි ඉන්නවා, කෑ ගහනවා, හූ කියනවා, දුවනවා. ඒ වගේ කිසිම පාලනයක් නැති ළමයි ඉන්නවා. ඊට අමතරව ඉන්න පුළුවන් ඉතාමත් හුදෙකලාව සිටින, නමුත් ඉතාම හොඳට පාසල් වැඩ කරන, ඉහළ ලකුණු ගන්න දරුවො. නමුත් ඔවුන් එතරම් සමාජශීලී නැහැ. මේ තමයි අන්ත දෙක. හොඳ අන්තයෙ සිටින ළමයි සමාජය තුළ ඉහළට යනවා. ඔවුන්ට හැකියාවන් තිඛෙනවා. නමුත් අන්තර් ක්‍රියාවන් කරන්නේ නැතිකමයි තිඛෙන්නේ. සමහර විට යාලුවො නැහැ. ඒ වගේ තිඛෙනවා. ඒ නිසා මම හිතන්නෙ මේ ටිසම් තත්ත්වය සහිත දරුවන් සම්බන්ධ වැදගත් දේ තමයි ඔවුන්ගේ විවිධත්වය. අපි කවුරුත් සමාජයක් හැටියට ඒ විවිධත්වයට ගරු කරන්න ඉගෙන ගන්න ඕන. මම දැන් මව්පියන්ට කියන්නෙ මෙය හොඳ කරන එකක් නෙවෙයි, මෙය ලෙඩක් නෙවෙයි. අපි බලන්නෙ හැකි තරම් දරුවව සමාජය තුළ එයාගෙ ක්‍රියාකාරකම් කරගෙන යන්න පුළුවන් මට්ටමට දියුණු කිරීමයි. ඊට පස්සෙ දරුවා ඒකෙ හරි වැරැද්ද දැකලා තේරුම් ගැනීමේ හැකියාවෙන් වර්ධනය වෙනවා. ටිසම් දරුවන්ගේ බුද්ධි මට්ටම වුනත් බොහෝ විට හොඳ වෙන්න පුළුවන්. නමුත් බුද්ධි මට්ටම හොඳයි කියන්නේ සමාජශීලී කියන එක නෙවෙයිනෙ. දෙමව්පියො ඇවිත් කියනව මගේ දරුවට ගණන් හදන්න පුළුවන්, ශබ්ද කෝෂය කටපාඩම් කියලා. නමුත් ඒ විතරක් මදිනෙ. යම්කිසි ප්‍රමාණයකට සමාජශීලී වෙන්නත් ඕන. ඒ නිසා අපි ඒ තත්ත්වයන් සමබර කරන්න ඕන. ටිසම් තිඛෙන දරුවෙක් ඉන්නවා නම්, ඒ දරුවා සමාජය තුළ සමබර කරගෙන, එයාගෙ හැකියාවන්ට ගරු කරල අපිට හැකි නම් ඉස්සරහට යන්න. අපට ඒ දරුවාව 100%ක් අනෙක් පැත්තට ගන්නත් බැහැ. නමුත් ඒ දරුවාටත් උදව් වෙන විදියට, අපටත් උදව් වෙන විදියට ජීවිතය ගත කරන්න පුළුවන් නම් මම හිතන්නේ ටිසම්වලින් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක අප තේරුම්ගන්න ඕන. එක් එක් ළමයගෙ එක් එක් විධි තිඛෙනවා. දරුවෙක් සමහර විට සාදයකට යන්නෙ නැතිවෙයි. සාදයකට යන්න බැරි නම් යන්න ඕන කියල බලකරන්න ඕන නැහැනෙ. ඒ දරුවගෙ ජීවන රටාවල කැමති විදියට ජීවත් වෙන්න දෙන්න ඕන. නමුත් ඒක කාටවත් කරදරයක් නොවෙන විදියට. අනෙක් අයට කරදරයක් වුනොත් තමයි ඒක ලෙඩක් වෙන්නෙ. 

ටිසම් තත්ත්වය දරුවකුගේ අධ්‍යාපනයට බලපාන්නේ කොහොමද? 

අධ්‍යාපනය අපට විධි කිහිපයකින් විවරණය කරන්න පුළුවන්. ළමා සංවර්ධනය අනුව බැලුවොත් අධ්‍යාපනය පටන්ගන්නේ දරුවකු ඉපදුණු මොහොතේ සිට. අම්මත් සමග බලන හැටි, අම්මාට තමන්ගේ සන්නිවේදනය දෙන හැටි, බඩගිනි වුණාම අඬනවා, එතකොට අම්මා නළවනවා, එතකොට දරුවා නැළවෙනවා. එහෙම තමයි ඉගෙන ගැනීම සිදුවෙන්නෙ. පොත පතේ අධ්‍යාපනය පසුවනෙ එන්නෙ. ටිසම් ලක්ෂණ තිඛෙන දරුවෙක් උපතේ ඉඳලා යම් යම් හැසිරීම් රටා පෙන්වනවා, ටිසම්වලට නැඹුරු වෙන අන්දමේ. උදාහරණයක් විදියට ඒ දරුවන්ව නළවාගන්න හරිම අමාරුයි. ඒ අය සමාජශීලී නැහැනෙ. සාමාන්‍ය දරුවෙක් නැළවෙන විදියට නැළවෙන්නෙ නැහැ. ඔවුන් අම්මාගෙන් කිරි බොන අවස්ථාවෙ ඇතිවන බන්ධනය වුණත් අඩු වෙන්න පුළුවන්. එතකොට මවගෙන් කිරි ඉරීමේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අම්මගෙන් කිරි බොනව කියන්නෙත් අම්මා සමග අදහස් හුවමාරු කර ගැනීමක්නෙ. එතැනින්ම තමයි මේ දරුවන්ට ඉගෙනීම බලපාන්න පටන් ගන්නෙ. ඊට පස්සෙ සමාජශීලී නැති වුණාම තමන්ගේ නම කියද්දිවත් බලන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක පංති කාමරයක ඉන්න එක ගැන ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පෙර පාසල් වයසේ ඉඳලම ඒ ළමයි එක දෙයකට පමණයි අවධනය දක්වන්නෙ. ඔවුන්ට සාමූහික අවධානය නැහැ. මම මුලින්ම කිවුව, සංවාදයක් ඇති කරගන්නට නොහැකි වීම ප්‍රධාන ලක්ෂණයක් ටිසම්වල. සංවාදයක් ඇති කර ගන්න බැරි නම් පංති කාමරයක් තුළ ගුරුවරයෙක් කියන දේ අහගෙන ඉන්න බැහැ. පංතියේ ගුරුවරයා උගන්වන විට ළමයා නැගිට ක්‍රීඩා පිටියට යනවා. ඒ වගේ අවධානය දීල, අනෙක් පුද්ගලයා සමග අවධානය ඛෙදාගන්න මේ දරුවන්ට බැරිකමක් තිඛෙනවා. 

ටිසම් ස්වභාවය ගැන පාසල් ගුරුවරුන්ට අවබෝධයක් නැතිනම්, ටිසම් දරුවකු පංති කාමරය තුළ විශාල අසාධාරණයකට ලක් වෙනවා නේද? 

ඒක ලොකුම ප්‍රශ්නයක්. මම දන්න දරුවො ඉන්නවා ටිසම් තිබුනට ඉතාමත් දක්ෂ, හොඳ ළමයි. දෙමව්පියො ඔවුන්ව විශේෂ අවශ්‍යතා පංතියට ඇතුළත් කරනවා. ලංකාවේ විශේෂ අවශ්‍යතා පංති ඇතුළෙ විෂයමාලාව උගන්වන්නේ නැහැ. ඒ දරුවන්ට පාට කරන්න, කොළ ඉරන්න වගේ දේවල් තමයි දෙන්නෙ. ඒවා කළා කියල ඒ දරුවන්ට යන්න බැහැනෙ තැනකට. දෙවැනි එක තමයි සහ අනිත් නරක දේ තමයි සමහර ටිසම් දරුවො ඉන්නව ඔවුන් කැමති එක දෙයක් තිඛෙනවා ඒ ගැන විතරයි කතා කරන්නෙ. ග්‍රහලෝකවලට කැමති දරුවෙක් නම් ඒ ගැන අන්තයටම සොයනවා. මට මේ ළඟදි දරුවෙක් හමුවුණා, ඔහු ෙඩ්‍රා්න් ගැන හැම දෙයක්ම දන්නවා. ඒ ගැන පැයක් වුණත් කතා කරන්න දත්ත තිඛෙනවා. එතකොට ඒකාකාර හැසිරීම් රටාවක් තිඛෙනවා කියන්නෙ ඒකයි. නමුත් ඒ වගේ දරුවෙකුව පාසල් පංති කාමරයෙ ඇතුළෙ ගුරුවරුන් කොන් කරනවා. ඒක වැරදියි. ඒ ළමයගෙ දක්ෂතාව ග්‍රහලෝක ගැන නම් පංතියෙ අනෙක් ළමයින්ට ග්‍රහලෝක ගැන උගන්වන්න ඒ දරුවාව යොදාගන්න පුළුවන්. ග්‍රහලෝක භාවිතයෙන් වෙනත් දේවල් උගන්වන්න පුළුවන්. නමුත් අපේ රටේ ඒ වගේ නම්‍යශීලී ඉගැන්වීම් නැහැනෙ. 

ටිසම් තත්ත්වය සහිත දරුවන් කෙරෙහි දක්වන අවධානයේ විශේෂතා කෙබඳුද? 

ඇත්තටම අලුත් ක්‍රමය අනුව නම් දරුවන් කුඩා කාලෙදිම ටිසම් තත්ත්වය හඳුනාගන්න ඕන. කෙතරම් කුඩා කාලෙද කියනවා නම්, විද්‍යාවේ දියුණුවත් එක්ක ටිසම් අවුරුද්දකට කලින් හඳුනාගන්න පුළුවන් කියල තමයි අපි විශ්වාස කරන්නෙ. එතැනදි ටිසම්වලට ප්‍රවණතාවක් තිඛෙන දරුවන්ව අපට හඳුනාගන්න පුළුවන්. යම් යම් ආකූලතා ඇතිවන දරුවො. එහෙම නැතිනම් පවුලේ ටිසම් තත්ත්වය තිඛෙන පවුල් තිඛෙනවනෙ. පවුලක ටිසම් තිඛෙන එක දරුවෙක් ඉන්නවා නම් ඒ ජාන ඒ පවුලේ තව දරුවෙකුට එන්න පුළුවන්. ඒ වගේ පවුල්වල අයට සහ ඒ වගේ ආකූලතා තිඛෙන දරුවො කුඩා කාලෙදිම හඳුනාගත්තොත්, පළමුවෙනි අවුරුදු දෙක ඇතුළත මේ ළමයින්ට මේ තත්ත්වය මතු වෙනවා කියලා දැනගත්තොත් ඒක උග්‍ර වෙන්න තිඛෙන සාධක අපට ඉවත් කරන්න පුළුවන් නම්, ඒ දරුවා දියුණු කරන්න පුළුවන්. ඒ දරුවා සමග සංවාදශීලී වීමෙන්, ඒ දරුවාට නිතරම කතා කිරීමට අවස්ථා ලබාදීමෙන්, ඒ දරුවා සමග සෙල්ලම් කිරීම වගේ කටයුතුවලින් දරුවා ඉතා හොඳ තත්ත්වයකට ගන්න පුළුවන්. ඒ වගේ දියුණු කර ගත්තොත් ඒ දරුවගෙ පාසල් යන වයස වන විට කිසිම කෙනෙක් දන්නෙවත් නැහැ ඒ දරුවට ටිසම් තත්ත්වය තිබුණ කියල. නමුත් නිසි වෙලාවට, නිසි දේ කරන්නෙ නැතිව මේ දරුවන් දියුණු කරන්න අපහසුයි.

බොහෝ වෙලාවට මේ දරුවන් කතා කරන්නෙ නැහැ. කතා කරන්නෙ නැත්තෙ කතා කරන්න බැරි නිසා නෙවෙයි, කතා කරන්න අවශ්‍යතාවක් නැති නිසයි. ඒ අවස්ථාවල ඒ දරුවන්ට අපි යම් යම් මැදිහත්වීම් කරද්දි ඒවා හොඳම, නිවැරදි ක්‍රමයට කරන්න ඕන. වැරදි ක්‍රමයට මැදිහත්වීම් කළොත් ඔවුන් වැරදි විදියකට වර්ධනය වන ළමයින් කොටසක් වෙනවා. ටිසම් ළමයින්ට ලොකු දක්ෂතා තිඛෙනවා, ටිසම් තිඛෙන සමහර ළමයි ඉන්නවා, ඔවුන් කතාබහක යෙදෙන්නෙ නැහැ. නමුත් පොතක් තනිවම කියවල ඒ මුළු පොතම කට පාඩම් කරල, ඊට පස්සෙ නිකම් සිටින වෙලාවට ඒ මුළු පොතේම තිබුණු ඒවා කියවන්න පුළුවන්. නමුත් ඒ කට පාඩමින් කියවන්නේ ස්ථානෝචිත හැටියට හෝ තේරුමක් ඇති ආකාරයට නෙවෙයි. ඉතිං එහෙම දියුණුවක් ගැන නෙවෙයි අපි කතා කරන්නෙ. අපි වගේම සාමාන්‍ය සමාජ තලයේ සාමාන්‍ය විදියට සම්බන්ධකම් පවත්වාගෙන යාම, කතා බහ කිරීම දියුණු කරන්න පුළුවන්. දැනුම හිතල පාවිච්චි කරන විදියට මේ දරුවන්ව හදාගන්න පුළුවන්. 

බටහිර කලාපීය රටවල් හා අපේ වැනි නිවර්තන කලාපීය රටවල් වශයෙන් ටිසම් රෝගයේ විශේෂතා හඳුනාගෙන තිඛෙනවාද? 

ඇත්තටම බටහිර කලාපයේ රටවල තමයි මේ රෝගය සම්බන්ධ දත්ත බොහොමයක් තිඛෙන්නේ. මේ ටිසම් ළමයින් දියුණු වෙන ක්‍රම මොනවද කියල අපේ කලාපයේ රටවල දත්ත නැහැ. බටහිර රටවල ළමයි නිවාස ඇතුළෙ ඉන්නෙ, ඔවුන් අනිවාර්යයෙන් රූපවාහිනිය නරඹනවා, පරිගණක, ජංගම දුරකතන වැනි විද්‍යුත් තිර මාධ්‍ය භාවිත කරනවා. ඒ වගේ පසුබිමක ඒ දරුවන් දියුණු වෙන ක්‍රමවේදය වෙනස් වෙන්න පුළුවන්. අපේ කලාපයේ රටවල දරුවො බලාගන්නෙ වත්ත පිටියෙ. ඒ වගේම නෑදෑයො සිටිනවා. එතකොට අපේ සමාජතලය ගොඩක් වෙනස්නෙ. මේ වගේ පසුබිමක අපේ දරුවන්ව දියුණු කරන්න පුළුවන් ක්‍රමවේද වෙනස්. නමුත් අපි එහෙම දරුවන් වත්ත පිටියට ගෙන ගිහින් සෙල්ලම් කරන්න අවස්ථාව ලබාදීලා වගේ පර්යේෂණ කරලා ඔප්පු කර නැහැ මේ ක්‍රමවලින් දරුවන් දියුණු කරන්න පුළුවන් කියලා.

දැනට ටිසම් දරුවන් සම්බන්ධ හොඳම දත්ත වාර්තා වී තිඛෙන්නේ එංගලන්තයේ සිදු කළ පර්යේෂණයකින්. එහිදී ටිසම් සහිත දරුවන්ගේ සහෝදර දරුවන්ව තෝරාගෙන ඔවුන්ව කලින්ම හඳුනාගෙන සිදු කර තිඛෙන මැදිහත්වීමක්. ඒ දරුවන්ගේ මව්වරුන්ව දරුවන් සමග සෙල්ලම් කිරීමට පුහුණු කර තිඛෙනවා. එසේ සෙල්ලම් කිරීම මගින් ඒ නියැදියේ දරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් දියුණු වී තිඛෙනවා. ඒ බටහිර රටවල පෙන්වා දී තිඛෙන දෙයක්. එවැන්නක් අපේ රටේ සිදුකිරීම අමාරු නැහැ. නමුත් බටහිර රටවල කරන්නේ අමාරුවෙන්, ඔවුන්ට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ, තැනක් නැහැ. අපේ වැනි නිවර්තන කලාපීය රටවල ස්වාභාවයෙන්ම ළමයින් තුළ සෙල්ලම් කිරීමට අවස්ථාව, ස්ථාන තිඛෙනවනෙ. 

ලංකාවේ කෙතරම් ප්‍රමාණයක්, ප්‍රතිශතයක් ටිසම් දරුවන් සිටින බව හඳුනාගෙන තිඛෙනවද? 

ලංකාවේ තිඛෙන දත්ත, පර්යේෂණවල ප්‍රතිඵලවලින් වාර්තා වී තිඛෙන්නේ 1%ක් බවයි. නමුත් ඒ සොයාගෙන තිඛෙන්නේ මීට අවුරුදු දහයකට කලින්. අනිවාර්යයෙන්ම දැන් ඊට වඩා වැඩි වෙන්න ඕන. නමුත් දැනට අපට තොරතුරු, දත්ත නැහැ. වැඩිවීමේ ප්‍රවණතා අපි දකිනවා. නමුත් අපි වැඩ කරන්නේ විශේෂිත මධ්‍යස්ථානවලනෙ. ඒ වගේ මධ්‍යස්ථානයකට කොහොමටත් ළමයි එනවනෙ. එහෙම ගණන් බලල, අපට සංඛ්‍යාවක් කියන්න බැහැ. අනෙක, මේ වගේ සේවාවන් සොයාගෙන එන්නේ මධ්‍යම පංතික ජනතාවනෙ. අඩු ආදායම් ලබන අය මේ වගේ සේවාවන් සොයාගෙන එන්නෙ ළමයට ගොඩක් අසාධ්‍ය වුණාට පසුවනෙ. පාසල් යන කාලෙ වන විට වගේ. එතකොට ඒ දරුවන්ව මඟ හැරෙනවා. 

ටිසම් දරුවන් වෙනුවෙන් රජයෙන් සලසා ඇති සේවාවන් කෙබඳුද? 

දැනට රජයේ රෝහල්වල ළමා විශේෂඥ වෛද්‍යවරු, ළමා මානසික විශේෂඥ වෛද්‍යවරු සහ කථන භාෂා චිකිත්සකවරු සිටිනවා. ඔවුන් තමයි මේ දරුවන්ව බලන්නෙ. දෙමව්පියන් මේ වගේ තත්ත්වයකට දරුවකු රජයේ රෝහලකට ගෙන ගියාම අවශ්‍ය සේවාව සලසා දෙන්නෙ මේ කණ්ඩායම. ටිසම් තත්ත්වය එක වෛද්‍යවරයකුට බලන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. කණ්ඩායමක් ඒ සඳහා ඉන්නවා. වෛද්‍යවරයකුත් ඉන්න ඕන, චිකිත්සකයකුත් ඉන්න ඕන. මොකද, වෛද්‍යවරුන්ට රෝග නිර්ණය කරන්න පුළුවන්. නමුත් මේ දරුවන්ට නිතිපතා සේවාවන් ලබා දෙන්න ඕන. එක දවසක් වෛද්‍යවරයකු බලල, නැවත මාස දෙක තුනකින් බලල හරියන්නේ නැහැ. නිවසේදී මේ දරුවන් සමග ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ කොහොමද කියල දෙමව්පියන්ව පුහුණු කරන්න ඕන. ඒ නිසා මෙය ඛෙහෙත් තුණ්ඩුවක් ලියනව වගේ ලෙහෙසි තත්ත්වයක් නෙවෙයි. විශාල වෙනසක් තිඛෙනවා. ඒ සඳහා පුහුණු වුණු, කැප වුණ කණ්ඩායමක් සිටිය යුතුයි. නමුත් ඒ කණ්ඩායම් සිටින්නේ ලංකාවේ ප්‍රධාන රෝහල් කිහිපයක පමණයි. කොළඹ ළමා රෝහලේ, මහනුවර, අනුරාධපුර හා යාපනේ මහ රෝහල්වල සිටිනවා. ඊට අමතරව අපගේ රාගම මධ්‍යස්ථානයේ සිටිනවා. ඒ වගේ සීමිත කිහිප තැනක පමණයි, ඒ කණ්ඩායම් සිටින්නේ. නමුත් සාමාන්‍ය උපදෙස් ලබාගන්න පුළුවන් තැන් තිඛෙනවා. උදාහරණයක් වශයෙන් ළමා විශේෂඥ වෛද්‍යවරයෙක් සිටින ඕනෑම රෝහලකින් යම් ප්‍රමාණයක උපදෙස් ලබාගන්න පුළුවන්. ඒ වගේම රෝහලක මානසික වෛද්‍ය සායනයකට ගියත් යම් කිසි උපදෙසක් ලබා ගන්න පුළුවන්. නමුත් එය පූර්ණ සහයෝගය ලබාගැනීමක් නෙවෙයි. ඒ නිසා ලංකාවේ ටිසම් දරුවකු සිටින දෙමව්පියන්ට, බොහෝ විට ඈත පළාත්වල ජනතාවට කිලෝ මීටර් පනහක් හෝ ඊට වැඩි දුරක් ගමන් කරන්න ඕන සේවාවක් ලබාගන්න. කාලයක් ප්‍රතිකාර ගන්න රෝහලකට එන්න පුළුවනි. පසුව ඔවුන් දුෂ්කරතා නිසා නතර වෙනවා. ඒ නිසා ගෘහස්ථ වැඩසටහන්, ඒ කියන්නේ නිවසේදී කළ හැකි දිගු කාලීන වැඩසටහන් තිබිය යුතුයි. එවිට ඔවුන්ට මාස දෙක තුනකට වරක්වත් රෝහලකින් සේවාව ලබාගන්න එන්න පුළුවන්.

මීට අමතරව පළමු අවුරුද්ද තුළම මේ දරුවන්ව හඳුනාගැනීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිඛෙනවා. එනම්, අම්මත් එක්ක හිනා වෙනවද, අම්මත් එක්ක සෙල්ලම් කරන්න කැමතිද, නමට බලනවද වගේ චූටි කාලෙ ඇතිවන ලක්ෂණ ඔස්සේ හඳුනාගැනීමක්. ඒ ලක්ෂණවලට අපි කියන්නේ Red Flags කියලයි. ඒ වගේ ලක්ෂණ බලල, ඒ දරුවන්ව මුල් කාලෙදිම හඳුනාගෙන දෙමව්පියන්ව පුහුණු කරනවා, දරුවත් එක්ක ක්‍රියාකාරකම්වල යෙදෙන්න. ඉදිරියේදී ඒ වැඩසටහන ක්‍රියාත්මක කළොත් විශාල සාර්ථකත්වයක් ලැබේවි. එය පවුල් සෞඛ්‍ය සේවිකාව විසින් ප්‍රජාව වෙත ගෙනයන වැඩසටහනක් විදියට තමයි සැලසුම් කර තිඛෙන්නෙ. දැනට, නියාමක ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයේ සිදු කරමින් තිඛෙනවා. 

දියුණු රටවල ටිසම් දරුවන් සඳහා සලසා ඇති සෞඛ්‍ය සේවාවන් පිළිබඳ ඔබට අත්දැකීම් ඇති.. 

විදේශ රටවල ගත්තම සංකල්ප දෙකක් තිඛෙනවා. ඇත්තටම අපේ රටේ සිදුවන සංකල්පය අනුව අපි පොඩි තැන්වල කිහිපයක් කළත් ඒක වඩාත් ඉහළ ක්‍රමයක්. එංගලන්තයේ අවුරුදු 3-4ක් වගේ යනව ළමයෙකුට ටිසම් තත්ත්වය තිඛෙනවද කියල රෝග නිර්ණය කරන්න. සමහර විට ඒ වගේ කාලයකිනුත් කරන්නෙ නැහැ. දිග පොරොත්තු ලේඛනයක් තිඛෙනවා. ඇත්තටම දැනට එංගලන්තයේ ජිවත්වන ලංකාවේ අය, තමන්ගේ ළමයින්ට ටිසම් තිඛෙනවා කියා දැනගත්තාම, ඒ අය ලංකාවට එන්න පටන් අරගෙන තිඛෙනවා, එංගලන්තයේ ඒ සම්බන්ධ සේවාවන් ලබා ගැනීම අපහසු නිසා. ඇමරිකාවෙ සහ ඕස්ටේ්‍රලියාවේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය වෙනස්නෙ. ඒ රටවල රක්ෂණය පදනම්වනෙ සෞඛ්‍ය ප්‍රතිපත්තිය තිඛෙන්නෙ. ඒ රටවල විද්‍යාඥයෝ සොයාගෙන තිඛෙනවා මේ මේ ක්‍රමවලින් ටිසම් දරුවන්ව දියුණු කරන්න පුළුවන් කියලා. ඒ සංකල්ප මත ළමයි දියුණු කරනවා.

දියුණු රටවල තිඛෙන එක් දෙයක් තමයි, කිසියම් ආබාධිත තත්ත්වයක් තිඛෙන දරුවෙකුට ලොකු වුනාමත් ජීවත් වෙන්න ඔවුන්ට නිවාස පහසුකම්, වාහන පහසුකම්, රජයේ සුබසාධන වගේ පහසුකම් බොහොමයක් තිඛෙනවා. ඒ පහසුකම් තිඛෙන නිසා ඒ රටවල සෞඛ්‍ය අංශ දෙමව්පියන්ව තල්ලු  කරන්නෙ නැහැ, තමන්ගේ ළමයින් එක්ක කාලෙ ගත කරන්න මහන්සි වෙන්න, ළමයින් දියුණු කර ගන්න කියල. නමුත් ඒ රටවල තිඛෙන පහසුකම් අපේ රටේ නැහැනෙ. අපේ රටේ එවැනි දරුවන්ට යන්න පාසල් නැහැ. පාසලකට ගියත් ඊට පස්සේ රැකියාවක් කරන්න බැහැ. ඒ නිසා ජීවත් වෙන්න ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා අපි අපේ රටේ දෙමව්පියන්ට අනුබල දෙනවා, කෙසේ හෝ දරුවා පුංචි කාලෙදිම දියුණු කරලා මේ තත්ත්වයෙන් එළියට එන්න. මොකද, ටිසම්වල තිඛෙන විශේෂිතභාවය තමයි දරුවන්ගේ අනෙක් සංවර්ධන ඌනතාවලට වඩා, මේ තත්ත්වයට නිසි විදියට මැදිහත් වුනෝතින් ළමයින් වැඩි ප්‍රතිශතයක් අපට ටිසම් තත්ත්වයෙන් එළියට ගන්න පුළුවන්. 



රාගම අලුතින් ඉදිකරමින් තිබෙන මධ්‍යස්ථානය ගැන අප දැනගන්නට කැමතියි.

රාගම මධ්‍යස්ථානය ඉදිකරන්නේ ටිසම් සඳහා පමණක් නෙවෙයි. එය ටිසම් මධ්‍යස්ථානයක් පමණක් කරන්නට තරම් අපේ රට දියුණු තත්ත්වයකට ඇවිත් නැහැ. අපේ රටේ දරුවන් බොහොමයකට විවිධ සෞඛ්‍යමය දුබලතා තිඛෙනවා. ඒ අතර, ස්නායු දුබලතා, මොළයේ ක්‍රියාකාරීත්වයේ දුබලතා, ශාරීරික දුබලතා තිබෙන්නට පුළුවන්. ඒ වගේම කථන අපහසුතා, පෙනීමේ අපහසුතා වගේ ළමයින්ගේ ආබාධ සඳහා වන මධ්‍යස්ථානයක් ලෙසයි ඉදිවන්නේ. ටිසම් ඒ අතරින් එකක්. මෙහි ටිසම්වලටත් අවශ්‍ය සියලු පහසුකම් තිඛෙනවා. මේ මධ්‍යස්ථානය ඉදිකරන්නේ රාගම වෛද්‍ය පීඨය ඇතුළෙ. අපේ වෛද්‍ය පීඨය විශේෂිතයි. අපි තමයි කථන භාෂා සහ ශ්‍රවණවේදී පුහුණු කරන ලංකාවේ එකම මධ්‍යස්ථානය. ඔවුන්ගේ උපාධි පාඨමාලාවක් තිබෙනවා. ඒ පාඨමාලාවට අදාළව පුහුණු වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, මේ වගේ දරුවන් සමග ප්‍රායෝගිකව කටයුතු කරන්නට අවශ්‍යයි. ඒ අනුවයි අපි මේ මධ්‍යස්ථානය පටන්ගත්තෙ. ගොඩනැගිල්ලක් ඉදිකරන්නට පෙර සිටම අපි මේ දරුවන් සඳහා පහසුකම් ලබාදීම සිදු කරගෙන ආවා. දැනට දරුවන් 3500ක් පමණ මෙහි ලියාපදිංචි වී සිටිනවා. ඒ අතරින් වැඩි ප්‍රතිශතය ඔටිසම් දරුවන්.

මේ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා දායකත්වය ලබා දෙන විශේෂ පුද්ගලයින් හා ආයතන ගැන සඳහන් කළොත්...

ඇත්තටම අපිට මේ වගේ මධ්‍යස්ථානයක් අවශ්‍ය වුණේ අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට චිකිත්සක පුහුණුව ලබා දෙන්න. නැතිනම් අපි වෙනත් තැන්වලින් ඉල්ලීම් කරන්න ඕන අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුහුණුවෙන්න අවස්ථාව ලබාගන්න. ඒ නිසා අපේ කණ්ඩායමක්ම ඉන්න නිසා අපි කුඩාවට මේ සේවාවන් පටන්ගත්තා. එසේ කරගෙන යන විට අපට දැනෙන්නට වුණා අපෙන් හොඳ සේවාවක් ලැබෙනවා, සහ ඒ සේවාව ලබාගැනීම සඳහා ජනතාව එන බව. දැනට කුඩා කාමරයක තමයි සායනය සිදු කරගෙන යන්නෙ.

මේ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා මුලින්ම වෛද්‍ය පීඨය සමග සම්බන්ධ වුණේ කුමාර සංගක්කාර මහතා සහ ඔහුගේ බිරිඳ යෙහාලි සංගක්කාර මහත්මිය. ඊට පස්සේ රොෂාන් මහානාම මහතාත් මේ ව්‍යාපෘතියට සම්බන්ධ වුණා. සංගක්කාර මහතා සහ මහානාම මහතා මැදිහත් වී විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ දායකත්වය මේ ව්‍යාපෘතියට ලබාගැනීමටත් කටයුතු කරනවා. ආයතන වශයෙන් ගත්තාම හේමාස් ආයතනය සහ MAS ආයතනය දැවැන්ත දායකත්වයක් ලබා දෙමින් සිටිනවා. මෙහි ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු අය කිරීමකින් තොරව, සිදු කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවෙන්. අප අවශ්‍ය අමුද්‍රව්‍ය භාණ්ඩ සපයා දෙනවා. 2019 වසරේ මාර්තු මාසයේ මෙහි ඉදිකිරීම් අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා.



අවසාන වශයෙන් ටිසම් සම්බන්ධව ඔබ අවධාරණය කරන කරුණු කෙබඳුද? 

දරුවන්ට පුංචි කාලෙ පටන් විද්‍යුත් තිර මාධ්‍ය පරිහරණය කරන්නට දෙන්න එපා. ටිසම් හැදෙන නිසා නෙවෙයි. දරුවකු තුළ ටිසම්වලට ප්‍රවණතාවක් තිඛෙනවා නම් එය මතු වෙන්නට ඒ නිසා අවස්ථාව තිඛෙනවා. දරුවකු තුළ ටිසම් ලක්ෂණ කලින්ම හඳුනාගත්තොත් අපට ඒ දරුවා බොහෝ දුරට සමාජයේ ජීවත්විය හැකි ආකාරයට දියුණු කරන්නට හැකි බව විශේෂයෙන් කියන්නට අවශ්‍යයි. අනෙක් වැදගත්ම දේ ටිසම් තත්ත්වය සහිත දරුවන්ට නිසි පිළිගැනීම ලබාදීමයි. අධ්‍යාපන බලධාරීන්ට කියන්නට තිඛෙන්නේ මේ දරුවන්ගේ විවිධත්වය පිළිගන්න, ඊට ඉඩ දෙන්න සහ ළමයින්ගේ හැකියාවන් අනුව පංති කාමරය සකස් කරන්න. නැතිව, පංති කාමරයට අනුව ළමයින් සකස් කරන්නට යන්න එපා. ඒක ටිසම් දරුවන්ට පමණක් නෙවෙයි, සමස්තයක් වශයෙන් ගත් විට සෑම ළමයකුටම වැදගත්.


No comments:

Post a Comment