2022 පෙබරවාරි මස 06 වන ඉරිදා ජාතික පුවත්පත්හි, මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය විසින් එම කාර්යාලයේ එක්තරා තනතුරක් සඳහා බඳවාගැනීමට පුවත්පත් දැන්වීමක් පළ කර තිබිණි. එම තනතුර නම් කර තිබුනේ ‘පුවත්පත් සහ මාධ්‍ය විශේෂඥ’ යනුවෙනි.
මෙම දැන්වීමෙහි අන්තර්ගතය විශ්ලේෂණය කර බැලීමේදී එය තවත් එක් ‘රැකියා පුරප්පාඩු දැන්වීමක්’ ලෙස නොසලකා හැරිය නොහැකි බවත්, එම දැන්වීමේ අන්තර්ගතය මගින් එක්සත් ජනපද වුවමනාවන් සඳහා මෙරට මාධ්‍ය - දේශපාලන න්‍යාය පත්‍රය හැසිරවීමේ උපාය මාර්ගය හඳුනාගත හැකි බවත් අපගේ කල්පනාවයි.