
අදින් හරියටම
වසර 35කට පෙර, එනම් 1986 ජූනි මස 02 වන දින මෙරට ජාතික පුවත්පතක සුවිශේෂ
කතුවැකියක් පළවිණ. එම පුවත්පත ‘දිවයින ඉරිදා සංග්‍රහය’ වූ අතර, කතුවැකියේ රචකයා වූයේ ‘දයාසේන ගුණසිංහ’ නමැති අභීත
පුවත්පත් කලාවේදියාය. “අද පවතින්නේ අරාජික යුගයක්ද?” යන මැයෙන් වූ එම
කතුවැකියට නිමිත්ත වූයේ, එවක කොටි ත්‍රස්තවාදීන් විසින් නිරන්තරයෙන්ම සිදු කළ
බෝම්බ පිපිරවීම් නිසා මෙරට පුරවැසියන්ගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබූ පසුබිමක,
එවක මෙරට රාජ්‍ය නායකයා වූ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින්, “රටවැසියා
තමන්ගේ ආරක්ෂාව තමන්ම බලා ගත යුතුය” යනුවෙන් කළ වගකීම් විරහිත ප්‍රකාශයයි.
මෙම ප්‍රකාශය නිර්දය ලෙස විවේචනය කරමින් ගුණසිංහයන් විසින් ලියූ කතුවැකිය,
ජයවර්ධන ජනාධිපතිවරයා කියවූයේ, එවකට එක්සත් ජාතික පක්ෂයට හිතවත්ව සිටි විශ්ව විද්‍යාල
කතිකාචාර්යවරයකු ලවා ඉංග්‍රීසියට පරිවර්තනය කර ගැනීමෙනි. කතුවැකි රචකයා විසින්
ජනාධිපතිවරයාට එල්ල කළ ප්‍රහාරය කෙතරම් ප්‍රබල වීද යත්, ඊට ලැබුණු ප්‍රතිප්‍රහාරය
වූයේ ගුණසිංහයන් “දිවයින ඉරිදා සංග්‍රහයේ” රැකියාවෙන් වහාම ඉවත්කිරීමට එහි
පාලනාධිකාරයට ජනාධිපතිවරයා ඍජුවම නියෝග කිරීමයි. එහි ප්‍රතිඵලය ලෙස, දයාසේන
ගුණසිංහයන් විසින් අවසන් වරට ලියන ලද කතුවැකිය බවට 1986 ජූනි 02 වන දා ‘දිවයින
ඉරිදා සංග්‍රහයේ’ පළ වූ කතුවැකිය පත් විණි. එසේම පසුකාලීනව එය මෙරට සන්නිවේදන
ඉතිහාසයේ සුවිශේෂ ලියැවිල්ලක් බවට පත් වූයේ, මෙරට පුවත්පත්කලා ඉතිහාසයේ, කතුවැකි රචකයකුට
ස්වකීය මතවාදය හේතුවෙන් සිය රැකියාවෙන් වන්දිගෙවිමට සිදු වූ කතුවැකිය ලෙසට එය
හඳුනාගත් බැවිනි.
පහත පළ වන්නේ එම ඓතිහාසිකවූත්, සුවිශේෂීවූත් කතුවැකියයි.