Friday, January 31, 2020

''අපිත් මාතෘකා, අපි නැති තැන්වල'' ( 'නූතන ප්‍රස්ථා පිරුළු' හෙවත් ත්‍රිරෝද රථ කියමන්)



විවිධ වෘත්තීන් හා රැකියා සම්බන්ධව ගොඩනැගුණු භාෂාමය උප සංස්කෘති සමාජයේ පවතී. නූතන ලාංකේය සමාජයේ රැකියාවලට අදාළ එක්තරා උප සංස්කෘතික භාෂා සන්නිවේදන ධාරාවක හැඩය, ත්‍රිරෝද රථවල පිටුපස සටහන් කොට ඇති වැකිවලින් හඳුනා ගත හැකිය. ඒ වැකිවල අන්තර්ගත වෙනස් සන්නිවේදන අර්ථ අපූර්වත්වයකින් යුතුය. එසේම, ඒ වැකි / පාඨ ඒවායේ සන්නිවේදකයාගේ එනම් ත්‍රිරෝද රථ හිමිකරුවාගේ මනෝභාවය හඳුනාගත හැකි කැඩපතක් බඳුය. පහත සටහන් වන්නේ අගනුවර හා ආසන්න නගරවලදී ත්‍රිරෝද රථ පිටුපස ලියා තිබෙනු දැක, සටහන් කරගත් එබඳු අපූරු වැකි කිහිපයකි. 




සල්ලි හම්බ කළාට මිනී ඇඳුමෙ සාක්කු නෑ   

ඉබ්බො ඉගිල්ලෙන්න ගත්තහම කොක්කුන්ට හරි වදේ

ඉබ්බන්ට ඉගිලෙන්න හිතුණාම කොක්කුන්ට හරි වදේ

නැන්දම්මේ උඹත් එපා. උඹෙ මහ ලොකු දුවත් එපා.

පොල් අතු වැටෙනකොට ගොක් අතු හිනා වෙනවා.
ඒත් ගොක් අතුත් දවසක පොල් අතු වෙනවා.

ළිඳ මගේ නම්, මං ළිඳේ නම් කාටවත් ඇයි වේදනා

පාර හරි නම්, යන්නෙ මම නම් කාගෙවත් සිතියම් මට මොකටද?

පාර හරි නම්? යන්නෙ මම නම් අනුන්ගෙ සිතියම් අදාළම නෑ Bro

පාර හරි නම්, යන්නෙ මම නම් පාර අයිනෙ ඉඳන් බුරන බල්ලො අදාළ නෑ Bro

සිංහලේ, දෙමළේ, මුස්ලිම් ලේ - මියගියාම එකම වලේ

කටුස්සො හිතාගෙන ඉන්නෙ උන් උකුස්සො කියලා...

ගුල්ලා වැඩ්ඩෙක් වෙන්නේ, බාල ලෑල්ලක් දැක්කාම

රාක්කෙට ආවට පස්සෙ, ආප්පෙට මතක නෑ, තාච්චියෙ හිටපු හැටි

නුඹ ගඟක් වෙලා ගලන්න - මට හුඟක් වෙලා නාන්න

අපි නැඟිටිනවට කැමති, බස් එකේ හිටගෙන යන මිනිස්සු විතරයි

හිනාවෙන්න එපා මචං, නැඟිට්ටේ මේකෙන් 

ඇත්ත මොහොතකට රිදවුවත්, බොරුව සදාකාලිකව රිදවයි

ඇලේ මාලු වෙලට ඇවිත් 'අපි වැවේ' කියනවා.

වයසට ගියත් - හවසට ගෙදර 

මට නැහැනෙ සතුරන් - ඒකයි තවම පෙට්ටියේ පතුරන්

ජීවිතං අනියතං - රක්ෂණං නියතං

මහ වැස්සට තෙමුණු අපිට - පොද වැස්ස ගේමක් නෑ බ්‍රෝ

අපිත් මාතෘකා, අපි නැති තැන්වල

තරු 'පොඩි' නෑ,  ඒ ඔබට පෙනෙන හැටි - අපි 'ලොකු' නෑ,  ඒ ඔබට හිතෙන හැටි

No Race - Wife Case

No Race -  අම්මා Case

බලන අයට බුදු සරණයි - රවන අයට දෙවි පිහිටයි

ගත්තේ හැදෙන්නයි, යාලුවො නිසා බෑ 

කළු - සුදු ඉත්තො මැද මමයි තනි රෙඩා

අපිට හිනා වුණු අයට රෝද තුනක්වත් තිබුනෙ නෑ අම්මෙ

ටිකක් රස්තියාදුවෙ ගියාට ජීවිතේ නාස්ති කර ගන්නෑ අම්මේ

රෝද තුනක් උඩ - හීන ගොඩක් ඇත

රෝද තුනයි - හීන ගොඩයි

රවන්නෙපා ගහපු ඇහැට - කොල්ලගෙ දඟකාරකමට

වැටුණු තැන්වල නැවතුණා නම් සමහරු අපිව පාපිසිවලටත් අරගෙන මහත්තයෝ

සියල්ල කන්න - කාලය නොකන්න

කතාව මගේ නම් - රටාවත් මගේ බ්‍රෝ

කෝ තාත්තෙ යාලුවො? සල්ලි තියෙනකං විතරනෙ පුතේ 

ඌරො රංචු පිටින් ආවට, සිංහයා යන්නෙ තනියම.

ලොකුකම්වලට කොර වෙන්නෙත් නෑ. 
මනුස්සකම්වලට අහක බලන්නෙත් නෑ.

ලියන්න මොකුත් නෑ Bro

Silent එකේ හිටියට හැම දේම Note කරන් ඉන්නෙ Bro
 
නරි නාවන්නෙ බලාගෙන මහත්තයෝ, උන් ස්තූති කරන්නෙත් හූ කියලා.

පරවියෝ රංචු පිටින් ඉගිලෙයි. උකුස්සා තනියම පියාඹයි.

ගින්දරත් නැටුවට වතුරට බයයි Bro

ගල් බෝතලේට යාලුවො Set වුණාට, සේලයින් බෝතලේට අම්ම තාත්ත විතරයි Bro

යකා, යකා මිස කොකා නෙවෙයි Bro

කොල්ලො ළපටියි- කෙල්ලො කපටියි.

ජීවිතේ පට්ට වෙන්න, මුලින් ලැබුණු කට්ට කාල ඉන්න ඕන Bro

ගංවතුරෙ උඩුගං පීනන මිනිස්සුන්ට ඉවුරෙ ඉඳන් හිනාවෙන මිනිස්සු අදාළ නෑ.

හැමෝම දාන වදන්වලින් අපි දැන් පදං වෙලා Bro

ඉන්න බැරි කරන්නද හදන්නෙ මැට්ටො

දුවල දෙන්න ගෙදර පහන. අපි ලයිටර්ද අම්මෙ?

පාර රජයේ වුනාට සෙල්ලම මගේ බ්‍රෝ

විඳවීම හුරු එකාට වේදනාවත් පට්ට රහයි බං.

යක්කු බලාගත්තු අපට දුව මොනවද නැන්දම්මේ.

රඟපාන සමහරු හිතාගෙන ඉන්නෙ අපි පිටපත දන්නෙ නෑ කියල.

රාජාලියෙක් එක්ක පියාඹන්න ඕන නම්, පාත්තයින්ගෙන් ඈත් වෙලා හිටපං මචං

නරි උපදෙස් දෙන විට ඔබගේ කුකුළන් ගැන සෙවිල්ලෙන් සිටින්න.

තරු පොඩි නෑ. ඒ පේන හැටි -  අපි පොඩි නෑ. ඒ දකින හැටි

2 comments:

  1. මගේ මතකයේ රැදුනක්
    " අයිසක් නිව්ටන් අපිත් දකින්නෙති ගනන් හදන්නැති ඒ කාලේ. කැම්පස් යන්නට ලකුණත් මදි ඇති ඒකයි තවමත් මහා පාරේ "

    ReplyDelete