Wednesday, August 28, 2019

ක්ලැරන්ස් : මගේ සංගීත ලෝකයේ වීරයා ඔහුය.


මේරියන්ස් සංගීත කණ්ඩායමේ ''ක්ලැරන්ස් : අන් ෆ්ලග්ඩ්'' ප්‍රසංගය ගම්පහ ප්‍රදේශයේ සංවිධානය කිරීමට දැනට වසර කිහිපයකට පෙර ගම්පහ, ශ්‍රී බෝධි විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය කටයුතු කළා. ඒ වෙනුවෙන් නිකුත් කළ සමරු කලාපය වෙනුවෙන්, ක්ලැරන්ස් විජෙවර්ධනයන්ගේ සහෘදයකු වන ඔසඳ ගමගේ සොයුරා සමග සාකච්ඡා කොට ලිපියක් සැකසීමේ වගකීම පැවරුණේ මට. ගම්පහ, ඉසුරු කේටර්ස් අධිපති ඔසඳ ගමගේ, ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ පුරෝගාමී සාමාජිකයෙක්. එදා සමරු කලාපයේ පළ වූ ''ක්ලැරන්ස් :  මගේ සංගීත ලෝකයේ වීරයා ඔහුය'' යන සාකච්ඡා සටහන, ඔබ සමග ඛෙදා ගන්න හිතුණේ ක්ලැරන්ස් විජෙවර්ධන ගැන වෙනස් මානයක සහෘද දැක්මක් එහි අන්තර්ගතව පවතින නිසයි.





ඒ එක්දහස් නවසිය අසූ ගණන්වල මුල් කාලෙ. මගේ කුඩා අවධිය. අපේ තාත්තාගේ මිත්‍රකමක් තිබුණා ක්ලැරන්ස් අංකල් සමග. ඉතිං ඔහු ගම්පහ ප්‍රදේශයේ සංගීත ප්‍රසංගවලට ආවාම අපේ ගෙදර ඇවිත් තාත්තා මුණගැසී යන පුරුද්දක් තිබුණා. ඒ නිසා මගේ කුඩා කාලේ සිටම ඔහු ඇසුරු කරන්නට මට අවස්ථාව ලැබුණා. මම සංගීත ක්ෂේත්‍රයට නැඹුරු වෙන්න ප්‍රධාන සාධකය තමයි, 'ක්ලැරන්ස්'.


ඔහු ඒ කාලේ ගායනා කළ බොහෝ ගීතවලට මගේ කැමැත්තක් තිබුණා. 'ක සුරිඳුනි', 'මෑණියනී' වගේ ගීත මගේ සිත ඇද බැ ගත්තා. ඔහු රූපවාහිනී සංගීත වැඩසටහන්වලදි ගීත ඉදිරිපත් කරන අපූර්ව ශෛලිය මගේ අවධානයට ලක් වුණා. ඔහු ගීතයක් ඉදිරිපත් කරද්දි නටන්නෙත් නැහැ, ඒ වගේම නොසෙල්වී සිටින්නෙත් නැහැ. ඔහුටම අනන්‍ය, ඉතාම ළගන්නා සුලු ශෛලියකින් ඔහු ගීත ගායනා කළා. විශේෂයෙන්ම ඔහු  ගිටාරය වයන ආකාරය කෙරෙහි මා වඩාත් ආකර්ෂණය වුණා. ඒ නිසාම මට ආශාවක් ඇති වුණා ගිටාර් වාදනය ඉගෙන ගන්න. ඇත්තටම ශ්‍රී බෝධි විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලෙත් මට ගීත ගායනා කරන්න පුළුවන්. ඒ නිසා මම අධිෂ්ඨාන කරගත්තා මම කෙසේ හෝ ගිටාර් වාදනයත් ඉගෙන ගන්නවා කියලා. 


රූපවාහිනියේ ක්ලැරන්ස්ගේ ගීත ප්‍රචාරය වූ වැඩසටහන් පටිගත කළ වීඩියෝ පට අදටත් මා සතුව තිඛෙනවා. ඒවා නැවත නැවත නරඹමින්, ගිටාර් වාදනයේදී ඔහුගේ අත ක්‍රියාත්මක වන ආකාරය, කෝඩ්ස්වලට මාරු වන ආකාරය සහ අනෙක් අතින් ගිටාරය වාදනය කරන ශෛලිය හදාරමින් තමයි මම ගොඩක් දුරට ඉගෙන ගත්තේ. මේ විදියට මම කුඩා අවධියේ පටන්ම ක්ලැරන්ස්ගේ රසිකයෙක්. ඒ වගේම ඔහු මගේ නිහ ගුරුවරයා.


ක්ලැරන්ස්ගේ ගීතවල අපූර්වත්වයන් සහ විශේෂත්වයන් රාශියක් දකින්නට පුළුවන්. ඔහු ගායනා කළ බොහෝ ගීතවල පද රචනය සහ තනු නිර්මාණය ඔහුගේමයි. (කරුණාරත්න අබේසේකර මහතා වැනි අය විසින් රචනා කළ ගීතද තිඛෙනවා.) ක්ලැරන්ස් පද රචනා කර ඇති ගීත බොහොමයකට ඔහුගේ ජීවිතයේ අත්දැකීම් පාදක වී තිඛෙනවා. 


අනතුරකට ලක් වී සිටි ඔහුගේ මිතුරකු වෙනුවෙන් භාරයක් වෙන්නට කතරගමට ගිය අවස්ථාවේ, කතරගම දේවාල භූමියේ සිට තමයි ඔහු ' සුරිඳුනි' ගීතය රචනා කර තිඛෙන්නේ. ඒ ගීතය ඔහු ඒ අවස්ථාවේදීම ගායනා කොට, කොළඹට පැමිණි පසු ගීතයක් ලෙස පටිගත කොට තිඛෙනවා. ඒ පටිගත කිරීමේදී ඔහුගේ වාදක මණ්ඩලයේ පස් දෙනාට අමතරව, කෝවිල්වල ක්ලැරිනට් සංගීත භාණ්ඩය වාදනය කරන වාදකයින් දෙදෙනකුද යොදාගෙන තමන්ට අවශ්‍ය සංගීත නිර්මාණය කරන්නට ක්ලැරන්ස් කටයුතු කර තිඛෙනවා. 


එවක ඔහුගේ ගමේ එක්තරා පුද්ගලයෙක් වාසය කර තිඛෙනවා. මේ පුද්ගලයාගේ කුඹුරට පැන ගවයෙකු කුඹුර පාලු කළොත් අයිතිකාරයාට බාර නොදී ඒ ගවයාව බැ තබාගන්නවා. ඒ සිදුවීම පාදක කරගෙන තමයි ක්ලැරන්ස් විසින් 'කාගෙද ගොන් වස්සා' ගීතය රචනා කරන්නේ. ඒ වගේම ක්ලැරන්ස්ගේ ප්‍රේම සම්බන්ධයට විරුද්ධ වුණු, නිවසේ වැඩට පැමිණි 'මංගො' නමැති කාන්තාවට බනින්නේ නැතිව ගීතයෙන් පිළිතුරු දෙන්නට තමයි, 'මංගෝ කළු නැන්දේ...' ගීතය ලියා ඇනස්ලි මාලේවන ලවා ගායනා කරවා තිඛෙන්නේ. 'ගමෙන් ලියුමක් ඇවිල්ලා...' ගීතයත් ඔහුගේ අත්දැකීමක් ඇසුරින් ලියූ ගීතයක්. 


මේ වගේ එදිනෙදා ජීවිතයේ සිදුවීම් පදනම් කරගෙන බාල, තරුණ, මහලු කාටත් වැටහෙන සරල බස් වහරකින් ගීත නිර්මාණය කරන්නට ඔහු සමත් වුණා. ඔහු යාචකයින් වෙනුවෙන් පවා ගීතයක් නිර්මාණය කර තිඛෙනවා. ඔහුගේ ගීත විවිධ ක්ෂේත්‍රවලට යොමු වූ ගීත වීම විශේෂත්වයක්. ඒ වගේම ඔහු කුඩා ළමයින් වෙනුවෙන් ගීත රැසක් ගායනා කර තිඛෙනවා. ඒ අතර ඔහු විසින් රචනා කළ සහ වෙනත් පද රචකයින් රචනා කළ ගීතද තිඛෙනවා. 'දිලීප පොඩි පුතු',  'කිරි මුහුද කළඹාලා ගෙනා', 'දුව මා වගේ', 'දිල්හානී දුවනී' යන ප්‍රසිද්ධ ගීතවලට අමතරව තවත් ළමා ගීත ගණනාවක් තිඛෙනවා.  ක්ලැරන්ස්ගේ ගීතවල තිඛෙන සරල පදමාලා සහ මිහිරි තනු නිසා ශ්‍රාවකයින් ඒ ගීතවලට ඇද බැ තබාගන්නට සමත් වෙනවා. විදග්ධ රසිකයින්ට වගේම සාමාන්‍ය රසිකයාටත් එක සේ රස විඳිය හැකි ලෙස ඔහු ගීත නිර්මාණය කර තිබීම අපූර්ව කාරණයක්. 


ක්ලැරන්ස් සංගීත නිර්මාණවලදී අඩුම පිරිසකගෙන් ඉහළම ප්‍රතිඵලයක් ලබාගන්නට කටයුතු කළ සුවිශේෂ නිර්මාණකරුවෙක්. ඇත්තටම එය සංගීත නිරමාණකරුවෙකුට පිහිටන සුවිශේෂ හැකියාවක්. මේ සම්බන්ධව හො උදාහරණයක් තිඛෙනවා. 'සිකුරුලියා' චිත්‍රපටයට මිල්ටන් පෙරේරා ගායනා කරන 'සිකුරුලියා' ගීතය මිල්ටන් පෙරේරා ඉන්දියාවේ විශිෂ්ට සංගීත නිර්මාණකරුවකු වූ නවුෂාඩ්ට අසන්නට සැලැස්වූ අවස්ථාවේ ඔහු පුදුමයට පත් වී තිඛෙනවා. ඔහු විමසා තිඛෙන්නේ මේ ගීතයේ සංගීත නිර්මාණය කාගේද කියායි. ඒ නිර්මාණය ක්ලැරන්ස් විජෙවර්ධන නමැති සංගීත නිර්මාණකරුවකු කළ බවත්, යොදාගත්තේ පස් දෙනකුගෙන් සමන්විත වාදක මණ්ඩලයක් බවත්  මිල්ටන් පෙරේරා පවසා තිඛෙනවා. එතරම් ඉහළ නිර්මාණයක් පස් දෙනකුගෙන් පමණක් කළ බව ඇසූ විට නවුෂාඩ් නැවතත් පුදුමයට පත් වූ බව මිල්ටන් පෙරේරා පසු කලෙක සහන් කර තිබුණා.


ක්ලැරන්ස් අපේ රටේ ගායක ගායිකාවන් බොහෝ දෙනකුට ගී තනු නිර්මාණය කර දී තිඛෙන බව බොහෝ දෙනා නොදන්නා කාරණයක්. පණ්ඩිත් අමරදේව, සනත් නන්දසිරි, මිල්ටන් මල්ලවාරච්චි, මිල්ටන් පෙරේරා, අනිල් භාරතී, ඇනස්ලි මාලේවන, ටී.එම්. ජයරත්න, රෝහණ සිරිවර්ධනඇන්ටන් සේනානායක, මර්වින් මිහිඳුකුල, පුන්සිරි සොයිසා, ප්‍රියා සූරියසේන, මාලනී බුලත්සිංහල, නීලා වික්‍රමසිංහ, ඉන්ද්‍රානි පෙරේරා ආදී ගායක ගායිකාවන්ට ගී තනු නිර්මාණය කර ඔවුන්ගේ ගීත ජනප්‍රිය තලයකට නංවන්නට දායක වී තිඛෙනවා. 


ක්ලැරන්ස් සමග කටයුතු කළ වාදක ශිල්පීන් මා ඇසුරු කොට තිඛෙනවා. ඔවුන් කියන දෙයක් තමයි, 'එක පටිගත කිරීමකට සින්දු හතරයි තිබුනෙ. ඒ සින්දු හතර හදන්න ක්ලැරන්ස් මාර සටනක් කළා' කියලා. අද බොහෝ ගායකයින් තාක්ෂණය නිසා වැඩ පෙන්වන අය. නමුත් ක්ලැරන්ස් වැඩ පෙන්වූයේ තමන්ගේ චින්තනයෙන් සහ නිර්මාණශීලී හැකියාවෙන්. 


ඔහු නිතර පොත් පත් කියවූ නිර්මාණකරුවෙක්. ඒ වගේම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනම චතුර ලෙස කතා කරන්නට හැකියාව තිබුණු පුද්ගලයෙක්. ලංකාවේ කලාකරුවන්ගෙන් ඔහුට සහ ගාමිණී ෆොන්සේකාට පමණයි ඒ විදියට භාෂා තුනම චතුර ලෙස කතා කිරීමේ හැකියාව තිබුණේ. මට මතකයි, 1991 වසරේ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ 'ශනිදා ආයුබෝවන්' වැඩසටහනකදි ක්ලැරන්ස් ගිටාරය වයමින් ' සුරිඳුනි' ගීතය භාෂා තුනෙන්ම ගායනා කළා. ඒ වගේ අපූර්ව හැකියාවන් තිබුණු, පුළුල් නිර්මාණශීලී චින්තන පරාසයක් තුළ කටයුතු කළ නිර්මාණකරුවෙක්, ක්ලැරන්ස්.


අපේ රටේ චිත්‍රපට සංගීතය සම්බන්ධ ඔහුගේ දායකත්වයත් විශිෂ්ටයි. 'සිකුරුලියා' චිත්‍රපටය ඔහුගේ චිත්‍රපට සංගීත නිර්මාණය පිළිබඳ හො උදාහරණයක්. මේ චිත්‍රපටයේ ඇතුළත් වන මිල්ටන් පෙරේරා ගයන 'සිකුරුලියා', එම්.එස්. ප්‍රනාන්දු ගයන 'දිලි දිලි දිලිසෙන එළියක්', ජෝතිපාල සහ ඉන්ද්‍රානි පෙරේරා ගයන 'මල්සරාට' සහ ඉන්ද්‍රානි පෙරේරා ගයන 'වසන්තයේ මල් කැකුළයි' යන ගීත හතරෙදි එකිනෙකට වෙනස් ශෛලීන් හතරකින් සංගීත නිර්මාණය කරන්නට ක්ලැරන්ස් සමත් වුණා. ඇත්තටම ඒක විශිෂ්ට හැකියාවක්. 


ඒ වගේම ක්ලැරන්ස් සංගීත ක්ෂේත්‍රයේ ඕන කෙනෙකුට අත දුන්න නිර්මාණකරුවෙක්. ඔහු මුදල, ලාභය ගැන නෙවෙයි කල්පනා කළේ. නිර්මාණයේ ගුණාත්මකභාවය, එයින් සමාජයට දෙන පණිවිඩය සහ රසිකයාට ලැඛෙන වින්දනය ගැන ඔහු සැලකිලිමත් වී තිබෙන බව දකින්න පුළුවන්. 


ඇත්තටම ක්ලැරන්ස්ගේ රසිකයෙක් වශයෙන් ඔහුගේ ගීතවල මුල් පිටපත් සියල්ලම වගේ මා සතුව තිබෙනවා. මේ ගීත සංරක්ෂණය කිරීම වගකීමක් වශයෙන් මා දකිනවා. විශේෂයෙන්ම ඔහු ගායනා කළ ළමා ගීත සියල්ලම මා සතුව තිඛෙනවා. මම මගේ දරුවාට වගේම මගේ හිත මිතුරන්ගේ දරුවන්ටත් ඒ ගීත අසන්නට සලස්වනවා. මගේ හිතවතුන් බොහෝ දෙනකුට ක්ලැරන්ස්ගේ ගීත අසන්නට ලබාදී ඔවුන්ද ක්ලැරන්ස්ගේ රසිකයින් බවට ගොඩනන්නට මා සමත් වී තිඛෙනවා. ඒක මට ලොකු සතුටක්.

1 comment:

  1. මම ගිටාර් එක වයන්න ඉගෙනගන්න කාලෙට සාපෙක්ශව (1994/1995 කාලයේ) ගිටාරයක් වයන්න ඉගෙනගන්න ඔනෑම කෙනෙකුගේ මුල් ගුරුවරයා උනේ ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා කියලයි මගේ අදහස. සංගීතය පාසලකින් හදාරලා නැති ඔනෑම පුද්ගලයෙකුට ගිටාරයක් වයන්න ඉගෙනගන්න ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා නිර්මානය කරපු ගීත ලොකු ආශිර්වාදයක්. විදුලු ඔර්ගන් වයන්න ඉගෙනගන්න කාලෙ මං ප්ලේ කරපු පලවෙනි ගීතය තමයි ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගෙ මනමාලි සිරියාවි ගීතය. ඒ තනු ඒ සංගීත කොටස් බොහොම ගැඹුරු වගේම වයන්න හරිම සරලයි. අන්තර්ජාල පහසුකම් නැති කාලෙක අපිට සංගීතයට අත්පොත් තියන්න නොනිල ගුරුවරයා උනේ ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා කිව්වොත් තමයි නිවැරදි .

    ReplyDelete