කාලය, 1995 වසරේ දවසකි. ස්ථානය, ගම්පහ, බණ්ඩාරනායක විද්‍යාලයේ උසස් පෙළ පංතියකි. කාලපරිච්ඡේදයට නියමිත ගුරුතුමිය, පැමිණ නැත. ඒ වෙනුවට පංතියට ගොඩවැදුණේ 'නාට්‍යකරණය' විෂයය භාර සුදම් සර් ය. විෂයයක් ගැන කතා කරනවාට වඩා කැමති සින්දුවක් ගැන කතා කරමු දැයි සර් ම යෝජනා කළේ ය.
අපි ''ඇන්නෑවේ''යි කී ඉබ්බෝ වීමු.
කැමති සින්දුවක් යෝජනා කරන්නැයි කී විට, මිතුරෙක් ''දම්පාටින් ළා සඳ බැස යනවා'' යැයි කීවේ ය. සුදම් සර් සින්දුව භාරගත්තේ මඳ සිනහවකිනි. ගීතයේ අනුභූතිය, පද පෙළ රස විඳිමින් අපූරු සංවාදයක් සිසුන් සමග ගොඩනඟා ගැනීමට සර්ට වැඩි වේලාවක් ගත වූයේ නැත.
මේ රසවින්දනය අතරේ මටත් නො දැනීම මා යම් කල්පනාවකට වැටී තිබිණ. සර්ගේ හඬ ද, මිතුරන්ගේ හඬ ද එක්වර ම නැවතිණ. ඉදිරි පේළියේ සිටි මා දෙස විමසිල්ලෙන් බලා සිටි සුදම් සර් හඬ අවදි කළේ ය.
'' පුතෝ... උඹේ කල්පනාව නම් මට ඇල්ලුවෙ නෑ. මට නම් පේන්නේ මේ අනුභූතිය උඹට හොඳට දැනිල තියෙන පාටයි...''
මිතුරන්ගේ සිනා හඬ පිපිරිණි.
මේ ගීතය ගැන විසි තුන් වසරකට පෙර, එදා දැනුණු හැඟීම ම අදත් මට දැනේ යැයි කිවහොත් එය බොරුවකි.
දැන් ඊට වඩා දැනේ!
ඉදින්, විසි තුන් වසක් ඉපැරණි ඒ මතකය ඔස්සේ පැමිණ නවතිමි. ලූෂන්
බුලත්සිංහලගේ අපූර්ව සංකල්පාවලියකින් නිර්මිත ''දම්පාටින් ළා සඳ බැස යනවා...'' ගේය පද රචනයට, ජීවය එක් කරන කපුගේගේ තනුව ද, කපුගේගේ හා මාලනී බුලත්සිංහලගේ සුසංවේදී ගායනය ද,
ගිනිගහන කොල්ලුපිටියේ
මහ දවාලේ වුවත් ළා සඳක් බැස යනු දකිමින් උමතු චමත්කාරයක ගිලෙන්නට ම'සිතට බලකරන සේ ය.
ඒ සිතිවිල්ලට නතු වන්නේ කැමැත්තෙනි.
ප්‍රේමයේ වියෝ වේදනාව වඩාත් තදින් දැනෙන්නේ එක් ව හිඳ වෙන්ව යන නිමේෂයේ ය. ප්‍රේමයේ ගැඹුර දැනෙන මොහොත ද එය ම ය. ජීවිතය නමැති පැවැත්ම තුළ හමු වූ - හමු වන එබඳු සොඳුරු - ගැඹුරු නිමේෂයන් අප්‍රමාණ ය. වෙන්වයාමේ සාංකාව ද, යළි හමු වීමේ බලාපොරොත්තුව ද සුසංයෝග වී ඇති ඒ අපූර්ව නිමේෂය උපදවන්නේ සුන්දර වේදනාවකි. අනුන්ගේ පපුවක සිරගත වී හුස්ම ගන්නා ආදරයක දී නම්, ඒ වෙන් වී යන නිමේෂය වඩාත් වේදනාබර ය, හැඟුම්බර ය. ඒ ඉසියුම් නිමේෂයේ බර හා ස්වභාවය 'කාලය' පිළිබඳ කිසිදු මිනුමකට හසු වන්නක් නොවේ.

විටෙක, අත අතැ'ර දමා යා නොහැකි, එසේම අත ගෙන ළඟ හිඳින්නට ද නො හැකි ආදරයක රුව ගුණ විඳින විටෙක
මේ ගී පද, තේමා ගීතයක් සේ සිතට දැනෙන්නේ ය.
''දම් පාටින් ළා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි
නොදොඩා ඉන්නේ ඇයි
දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන් වී යන මොහොතක් නෑඟෙයි
දෑසට ළංව තවත් මේ මොහොතේ ගොලු වී ඉන්නෙමි මං
ගොලු වී ඉන්නෙමි මං
සෙවණැලි නොමැකේ නම් එළිය කළු නොවේ නම්
සෙවණැලි නොමැකේ නම් එළිය කළු නොවේ නම්
බිත්ති පුරා ඔඛෙ සෙවණැලි ඇන්දේ තනිය මකා ගන්නයි
එනතුරු සොයා මගේ සෙනෙහස මතු දා
රෑ කල දිගු වේ නම් ළා සඳ නොමැකේ නම්
රෑ කල දිගු වේ නම් ළා සඳ නොමැකේ නම්
නෙළුම් පතක රැඳි පිණි බිඳුවක් සේ ළමැද තලා යහනේ ඉන්නම්
පමා වෙලා හිරු නැඟෙන තුරා
දම් පාටින් ළා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි
නොදොඩා ඉන්නේ ඇයි
දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන් වී යන මොහොතක් නෑඟෙයි
දෑසට ළංව තවත් මේ මොහොතේ ගොලු වී ඉන්නෙමි මං
ගොලු වී ඉන්නෙමි මං ''
''ඔයා ලියපු කවි මම හොරෙන් ඉඳ හිට කියවනවා.
ඒ මතකය අලුත් කරගන්න''යැයි
විටෙක ඈ කියන්නී, මාලනී බුලත්සිංහල ''බිත්ති පුරා ඔඛෙ සෙවණැලි ඇන්දේ තනිය මකා ගන්නයි...''
යනුවෙන් ගයන වැකියේ ''අපේ Version එක'' විලසින් නොවේදැයි කල්පනා කරමි.
ඉතින් නෝනාවරුනි, මහත්වරුනි, ලූෂන් බුලත්සිංහල ලියූ මේ ගී පද අතරේ ඔබේ භූමිකා නිරූපණය කුමක්දැයි මම නො දනිමි, නො අසමි නමුත්. මේ ගීතයේ කොතැනක හෝ ඔබේ හිත ද පත්තු වන තැනක් ඇති බව පමණක් මම දනිමි.
ගිනි මද්දහනේ වුව ''දම් පාටින් බැස යන ළා සඳක්'' සිතේ මැවෙන බව මට මෙන් ඔබටත් දැනෙනු ඇත්තේ එලෙස හිත පත්තු වූ විට ය. ගීතය මෙතැනින් අසන්න