Thursday, June 16, 2016

ස‍ෝමවංශ අමරසිංහ : විසි එක් වසරකට පෙර කියූ මරණයේ පූර්විකාව

පොත් රාක්කයේ දේශපාලන පොත් සහිත තට්ටුවේ පොත් අතර මගේ අතැඟිලි අැදෙන්නේ නොඉවසිල්ලෙනි. අතැඟිලි එක්තරා පොත් පිංචක් අසල හදිසියේම නවතී. මෙතෙක් වේලා සෙවූ ඒ පොත් පිංච අතට ගෙන එහි කවරය දෙස මොහොතක් බලා හිඳිමි. සුදු පැහැ ටී ෂර්ටයකින් සැරසී, උපැස් යුවලක් හා කැප් තොප්පියක් පැළඳ රැස්වීමක් අමතන ඔහුගේ උඩුකය සේයාරුව එවක ප්‍රචාරණ කටයුතුවලදී නිතර යොදා ගැනුණු ඡායාරූපය බව මතකයට නැඟෙයි. පොතේ කවරයේ ඉහළින් ''සමානාත්මතාව සඳහා බෙදුම්වාදයට එරෙහිව...'' යනුවෙන්ද, කවරයේ පහළින් ''සෝමවංශ අමරසිංහ'' යනුවෙන්ද සඳහන් වේ. පොත් පිංච පෙරළා බලන්නට පටන් ගනිමි. දෙවන පිටුවේ එය මා විසින් මිලදී ගත් දිනය ලෙස 1995.10.30 දිනය සටහන් කොට තිබේ. අවුරුදු 21ක් අෑතට මතකය ගෙන යන්නට උත්සාහ කරමි. එහෙත්, එය කොතැනක, කුමන කටයුත්තකදී මිලදී ගත්තේදැයි සිහිපත් නොවෙයි. බොහෝ විට රැස්වීමකදී එය මිලදී ගත්තා විය හැකිය. පිටු පෙරළා බලමි. 


1995 වසරේදී, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කරන ලෙසටත්, ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාවය රහිතව සිදු කරන බලය බෙදා හැරීමේ විසඳුම් අකුළා ගන්නා ලෙසටත්, ඊළාම්වාදීන්ට කප්පම් නොදෙන ලෙසටත් බල කරමින් පවත්වන ලද රැස්වීම් මාලාවේදී ජ.වි.පෙ. සභාපති සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ දීර්ඝ කතාවක් කියවන ලදී. කුඩා පොත් පිංචක් ලෙස මුද්‍රණය වී අැත්තේ ඔහුගේ ඒ  කතාවය. සමකාලීන දේශපාලන තත්ත්වයන් ගැන කතා කරන එහි එක් තැනක මගේ නෙත් නවතී. මරණය! මරණය ගැන ඔහු මෙසේ කියන්නේය.

''... දැන් වගකිවයුත්තෝ පේළියට, පෝලිමට අාවා. ලන්ඩන්, පැරිස්, රෝම ඔය නගරවලට අැවිල්ල කොන්ත්‍රාත් දීල. මොකටද? අමරසිංහ මරන්න. පටන් ගත්තු හැටිම වැරදියි. අසම්පූර්ණයි. ලන්ඩන්, පැරිස්,රෝම නගර තුළ මදි. හොඳටම මදි. ඒ තැන්වලට මේ නගරත් එකතු කර ගනිල්ලා. ජිනීවා, හේග්, බ්‍රසල්ස්, ඔස්ලෝ, අැතෑන්ස්, කෝපන්හේගන්, මියුනික්, බර්න්, බැංකොක්, ටෝකියෝ, මැනිලා, රියාද්, දමාම්, මනමා, දෝහාර්, දිල්ලි, ඩැකා, කත්මන්ඩු, සිංගප්පූර්, මොන්ට්‍රියල්, වික්ටෝරියා මෙන්න මේ නගරත් එකතු කර ගනිල්ලා. කොන්ත්‍රාත් බාරගන්න මිනිස්සු ඉන්නවා නම්, මේ නගරවලත් කොන්ත්‍රාත්කාරයින්ට කොන්ත්‍රාත් දීපල්ලා. ඒකත් මදිනම්, මතක අැතිව කොළඹ ඉන්න කොන්ත්‍රාත්කාරයින්ටත් කොන්ත්‍රාත් දෙන්න වෙයි. මට ගිය විදියට එන්න පුළුවන්. එන විදියට යන්න පුළුවන්. මගේ නිදහසට බාධා කරන්න කිසි කෙනෙකුට බැහැ. ලංකාව මගේ රට. මගේ මවුබිම. මම කවදා හරි මගේ මස්, ලේ, අැට, නහර සියල්ලම පොහොර කරන්නේ මේ රත්තරන් රටේ මහ පොළොවටයි. ඒකත් දැනගනිල්ලා. 

මේ ගොල්ලො දැන් තීරණය කරල අමරසිංහ මැරුවොත් ජේ.වී.පී. ඒක මරන්න, විනාශ කරන්න පුළුවන් කියලා. ඉස්සර  හිතුවේ රෝහණ විජේවීර මැරුවම ජනතා විමුක්ති පෙරමුණ ඉවරයි කියලා. හිතුවා විතරක් නෙවෙයි, වික්ටර් මුදලාලි එහෙම කිවුවා. විජේසේකර එහෙම කිවුවා. ඒක දැන් වික්ටර්ලගෙ, මහින්ද විජේසේකරලගෙ මනාේ විකාරයක් බව ඕනෑවටත් වඩා හොඳින් ඔප්පු වෙලා. දැන් වික්ටර් කතා කරන්නේ ජ.වි.පෙ. සහ බලය පිළිබඳ ප්‍රශ්නය. එදා කතා කළේ ජ.වි.පෙ. ඉවරයි කියලා. දැන් ගුණාත්මක වෙනසක් වෙලා. ඉතිං එහෙම තියෙද්දි මාව මරන්න, මරවන්න සමහරු කතා කරනවා. මොකටද? ජ.වි.පෙ. නතර කරන්න. මම කියන්නම් මම මීට ඉස්සරත් කියපු කතාවක්. මගේ නම අමරසිංහ. ඒ මට පරම්පරාවෙන් ලැබුණු නම. මගේ තාත්තත්, තාත්තගේ තාත්තත් ඒ ඔක්කොම අමරසිංහලා. ඒත් ඒ කවුරුත් මැරුණා. මගේ තාත්තත් මැරුණ. අමරසිංහ වුනාට නොමැරී හිටියෙ නැහැ. මමත් එහෙමයි. අමරසිංහ වුනාට මම කවදා හෝ  කොහේදී හෝ මරණයට මුහුණ දිය යුතුයි. විප්ලවවාදියකුගේ මරණය කෙසේ කොතැනකදී සිදුවේද යන්න කිව නොහැකියි කියල රෝහණ විජේවීර සහාේදරය අන්තිම මොහොතෙදි කිවුවා. ඒත් මම ප්‍රාර්ථනා කරනවා, මගේ මරණය ශ්‍රී ලංකා පොළොවෙදි තමුන්නාන්සේලා අතරෙදි, තමුන්නාන්සේලාට සේවය කරන අතරෙදිම සිදු වේවා කියලා.

ඒත් ඒ ප්‍රාර්ථනාව ඉටු නොවුනත් දැන් ප්‍රශ්නයක් නැහැ. මට මගේම දෙෙවය විසිනුත්, අපේ පක්ෂයේ කීර්තිමත් ඉතිහාසය විසිනුත් මට උරුම කරපු වගකීම ඔව්, තවත් පැහැදිලි කරනවා නම්, මම කවදාවත් ප්‍රාර්ථනා කළේ නැහැ රෝහණ විජේවීර සහෝදරය මට ඉස්සෙල්ල මරණයට මුහණදෙයි කියලා. මම අපේ පක්ෂයේ 1989ට ඉස්සෙල්ලා තිබුණු දේශපාලන මණ්ඩලයේ නාකිම මිනිහා. රෝහණ සහෝදරයත් මට වඩා සති පහකින් බාලයි. ඉතින් ඒ නිසා තමයි ඉස්සෙල්ලාම මැරෙන්න තිබුණු මිනිහා මම වුනේ. ඒ අැරුණාම ඒ කාලෙදි රටේ වැඩියෙන්ම අැවිදින්න සිදුවුණු දේශපාලන මණ්ඩල සභිකයින් අතරින් එක්කෙනෙක් හැටියටත් මට ඉස්සෙල්ලාම මරණයට මුහුන දෙන්න චාන්ස් තිබුණා. ඒ කාලෙ අපේ දේශපාලන මණ්ඩලේ ළාබාලම සාමාජිකයා සමන් පියසිරි සහෝදරයා. මගේ වයසින් හරියටම භාගයයි එයාගෙ වයස. රෝහණ සහෝදරයාව යූ.අැන්.පී. අාණ්ඩුව මරා දැම්මාට පස්සෙ ඉතිරි වුණු දේශපාලන මණ්ඩල සාමාජිකයාෙ අතරින් ළාබාලම වුනාට අපි නායකයා හැටියට තෝරගත්තෙ සමන් පියසිරි සහෝදරයාව, මාව නෙවෙයි. ඒක මගෙත් කැමැත්ත. ඒක මගේ යෝජනාව. ඊට පස්සේ සමන් පියසිරි සහෝදරයාවත් යූඅැන්පී අාණ්ඩුව විසින් මරා දැම්මා. එතකාෙට මම විතරක් ඉතිරි වුණා. එතැනදී මගේ කැමැත්ත, අකැමැත්ත  තීරණාත්මක වුණේ නැහැ. මධ්‍යම කමිටුව වෙනුවෙන් ඉතිරි වුණු අයගෙ කැමැත්ත මගේ කැමැත්ත විය යුතුව තිබුණා. එහෙමයි මේ පක්ෂය මෙහෙයවීමේ වගකීම අපට අාවේ. මට භාරගන්න සිද්ධ වුණේ. පක්ෂය වැටිල තිබුණු තත්ත්වය අනුව විශාල වගකීමකට අපි කරගැහුවා. මම හිතනවා, මම සෑහීමකට පත්වෙලා ඉන්නවා, මගේ හැකියාවේ උපරිම මට්ටමෙන් මම ඒ වගකීම ඉටු කරල තියෙනවා කියලා. ඒක ගැන අවසාන තීරණයක් දෙන්න ඕන තමුන්නාන්සේලා. අවසාන තීරණය දෙන්න පුළුවන්කම තිබෙන්නේ තමුන්නාන්සේලාටයි. දැන් මම මගේ යුතුකම්වලින් සියයට අනූවක් මේ වෙනකොටත් ඉටුකර අවසන් බව තමුන්නාන්සේලා දන්නවා. අප‍ේ පක්ෂය දන්නවා. එච්චරද? නැහැ. අපේ හතුරොත් දන්නවා. ඒ නිසා තමයි මාව මරන්න කතා කරන්නේ. කුමන්ත්‍රණය කරන්නේ. කොන්ත්‍රාත් දෙන්නෙ. දැන් ප්‍රමාද වැඩියි. දැන් මම අලුත් පරම්පරාවේ අලුත් විජේවීරලා, අලුත් ගමනායකලා, අලුත් ශාන්ත බණ්ඩාරලා, අලුත් හේරත්ලා, අලුත් තංගරාජලා, අලුත් නිශ්මිලා, අලුත් දීපිකාලා මේ රටට හඳුන්වා දී තිබෙනවා. ඒ නිසා මාව මරල මේ පක්ෂය විනාශ කරන්න දැන් කවුරු හෝ හිතනවා නම් ඒක ලොකු වැරදීමක්. මරනව කිව්වට, කොටනව කිව්වට, ගහනව කිව්වට, කකුල් කඩනවා කිව්වට අපි මේ වැඩේ නතර කරන්නේ නැහැ. 

රට හදන්න, රට එක් සේසත් කරන්න ගන්න උත්සාහය කිසිසේත්ම නතර කරන්නේ නැහැ. ජ.වි.පෙ. විසිරුවා හරින්නේ නැහැ. ඒක මතක තියා ගනිල්ලා. හොඳටම නාකි වෙලා මගේ වැඩ මටම කරගන්න බැරිව අනුන්ට බරක් වෙලා ජරාජීර්ණ වෙලා මැරෙනවාට වැඩිය දාහෙන් සම්පතක්, හොඳ සිහි කල්පනාවෙන් අැස් අැරගෙන මැරෙන ඒක. චේ ගෙවාරා සහෝදරයා මැරුණෙ අැස් අැරගෙන. අපේ සදාදරණීය රෝහණ විජේවීර සහෝදරයා මැරුණෙ අැස් අැරගෙන. අපි මේ පක්ෂයට අැතුළු වෙන වෙලාවෙ නායකකම් හීනෙකින්වත් බලාපොරොත්තු වුනේ නැහැ. අපි බලාපාෙරාෙත්තු වුණේ මවුබිම නැතිනම් මරණය. ඉතින් අපිත් අැස් අැරගෙන මැරිල මවුබිමට පොහොර වෙන්න ඕනෙ වෙලාවක සූදානම්. අපි අපේ යුතුකම් ඉටුකළ මිනිස්සු හැටියට සැහැල්ලුවෙන් ඉන්නෙ. ඒ නිසා අපට ඕනෙම වෙලාවක මරණෙට මුහුණ දෙන්න පුළුවන්....''

අද ඔහු නික්ම ගොසිනි. ජ.වි.පෙ. ද, ජා.නි.පෙ. ද, පෙ.ස.ප. ද, ජ.සේ.ප. ද ඔහු ගැන අදහස් දක්වනු රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති අතර වරින්වර අැසෙයි. නිහඬව බලා ඉමි. මෙරට තීරණාත්මක දේශපාලන පරිච්ඡේදයක අවසාන සාක්ෂ්‍යයද නික්ම ගොස්ය.

හද තුළ කකියන
අැස තුළ නළියන
අත මත දිදුළන 
කඳුළකි සොහ‍ොයුර !

5 comments:

  1. පොතක් දැක්කම පුස්තකාලයට එක් කර ගැනීමට පැකිළුණේ නැති කාලෙක සිරි අයියා ලියූ මේ පොත ඇස නොගැටීම පුදුමයි. ඒත් ඇත්තයි.

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට, පක්ෂ‍ෙ 1994න් පසුව කරපු 'රට හදන අපේ ප්‍රතිපත්ති'(නැවත මුද්‍රණය)පළමු පොත. ඊට පස්සෙ දෙවැනි පොත තමයි සිරි අයියගෙ මේ කතාව අැතුළත් පොත් පිංච.

      Delete
  2. සෝමවංශ අමරසිංහ කොයි වල යයිද?

    ReplyDelete
  3. සෝමවංශ අමරසිංහ කොයි වල යයිද?

    ReplyDelete