Tuesday, July 5, 2016

ලීලානන්ද ගමාච්චි සමග ලංකාවේ 'හරි පුදුම ඉස්කෝල ගැන' කතාබහක්

ලීලානන්ද ගමාච්චි මහතා මට පළමුවරට හමුවූයේ 2003 ජනවාරියේය. ඒ පුවත්පතක් සඳහා ඔහු සමග කළ සම්මුඛ සාකච්ඡාවේදීය. ඔහු විසින් සිංහලට පරිවර්තනය කරන ලද '' හරි පුදුම ඉස්කාේලේ '' නමැති පොත ඒ වන විටත් ජනප්‍රිය කෘතියක්ව පැවතිණි. ඉන් පසුව ඔහු කෘති ගණනාවක් පරිවර්තනය කළේය. ප්‍රවීණ අධ්‍යාපනවේදියකු‍ද වූ ගමාච්චි මහතා සමග ලංකාවේ ළමා සාහිත්‍යය හා අධ්‍යාපන ක්‍රමය කේන්ද්‍රකරගෙන සිදු කළ සම්මුඛ සාකච්ඡාවේ සටහන 'ලංකා ඉරිදා සංග්‍රහයේ' (2003 පෙබරවාරි 09 හා 16 කලාපවල") පළවිණි. ඔහු ජීවිතයෙන් නික්ම ගොස් කාලයක් ගතව තිබේ. නමුත් ඔහු මතු කරන කාරණාවන්හි වැදගත්කම සලකා ඔහුගේ සිතිවිලි වසර 13 කට පසුව නැවත ඔබ හමුවේ තබන්නට සිතිණි.


අපේ සමාජයේ වැඩිහිටියාෙ ළමයව දකින්නේ භාණ්ඩයක් හැටියට. ළමයා, ළමයෙක් හැටියට දකින්නේ නැහැ. ඔවුන් කටයුතු කරන්නේ ළමයා අාශ්‍රයෙන් තමන්ට අවශ්‍ය රූපයක් නිර්මාණය කර ගන්න. ඒ නිසා ළමයින්ට ළමයින් වෙන්නට ඉඩ නොදී වැඩිහිටියො හිතන බහුබූත ළමයින්ගේ ඔලුවට දමා ළමයින්ව විනාශ කරනවා. ළමයින්ට ළමයින් වෙන්නට ඉඩ දෙන එක තමයි අධ්‍යාපනයේ මූලික පණිවිඩය වෙන්න ඕන. නමුත් මුළු රටේම ළමයින්ට එකම අැඳුමක් අන්දවා පාසලේ පංති කාමරයට ගාල් කර තිබෙන්නේ ලංකාව විතරයි. වෙන රටවල ඒ ඒ පාසලට අනන්‍ය අැඳුම් තිබෙනවා. මුළු රටටම මෙහෙම එකම අැඳුමක් අැන්දුවාම ඒ ළමයින්ගේ අනන්‍යතාවයට මොකද වෙන්නේ? ඒවා කල්පනා කරන්නේ නැහැ. මුළු රටටම එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන රටත් ලංකාව විතරයි. කහටගස්දිගිලියේ, අම්පාරේ, වන්නියේ ළමයින්ට මහරගම ඉඳන් නිලධාරියෙක් විෂය මාලාව හදනවා. ඒ විෂය මාලාව ලංකාව පුරා පාසල්වලට බෙදා හරිනවා, අහවල් කාලපරිච්ඡේදයේ අහවල් පාඩම කරන්න කියලා. වෙන රටවල විෂය මාලාව තිබෙන්නේ උපදේශ මට්ටමින්. කිසිම පාසලකට අනිවාර්ය කර නැහැ මෙහෙම කරන්න කියලා. ඒ ඒ පාසලට ගැලපෙන විදියට තමයි ක්‍රියාත්මක කරන්නේ.


ඉංජිනේරුවන් විය යුතු ගුරුවරු කානු කපනවා.

 

ගුරුවරු කියන්නේ අැත්තටම ඉංජනේරුවො. ඉංජිනේරුවා කාගේවත් මිමිවලට වැඩ කරන කෙනෙකු නෙවෙයි. ඔහු යම් වැඩක් කරනවා නම්, ඔහු එහිදී නිර්මාණයක් කරනවා. ඒත් ලංකාවේ ගුරුවරු එහෙමද? අද උසස් පෙළ උගන්වන ගුරුවරු ඉන්නවා, ජාතික අධ්‍යාපන අායතනයෙන් විෂයට අදාළ ගුරු අත්පොත අාවේ නැහැ කියල ළමයින්ට පාඩම උගන්වන්න බෑ. බලන්න, මේ රටේ ඉංජිනේරුවන් විය යුතු ගුරුවරු, කවුරුවත් දෙන මිම්මකට කානු කපනවා. ගුරුවරු හීලෑ වෙලා, මේච්චල් වෙලා. අැත්තටම මේ ලාේකයට යමක් එකතු කළේ නිර්මාණ ශක්තියක් තිබුණු මිනිස්සු. එහෙම එකක් අද ලංකාවේ නැති තරම්.

නිදහස් විදියට හිතන ළමයකුට පාසලක, පන්තියක තැනක් නැහැ. කල්පනා කර‍ බලන්න. වැඩිය වටින ළමයා ප්‍රශ්න අසන ළමයනෙ. ප්‍රශ්න කරපු මිනිස්සු නේද මේ ලෝකෙ අලුතින් දේවල් සොයාගත්තේ? ප්‍රශ්න කරන්නේ නැතිව සිටියානම්, මේ ලෝකය ඉදිරියට යන්නේ නැහැ. අපේ පන්ති කාමරයක ළමයෙක් ගුරුවරයාගෙන් ප්‍රශ්නයක් අැහුවොත් ඒ ළමයට ටොක්කක් අනිනවා, ඕන නැති දේවල් අහනවා කියනවා.

අපි හරිම අනුකාරකයි. අපට විනාශය වුණේම එක එක රටවලින් අාපු අධ්‍යාපන අත්හදාබැලීම් පසුපස ගිය නිසා. අැත්තටම කන්නන්ගර මහත්තයා වුණත් එංගලන්ත අධ්‍යාපන බලවේගවල බලපෑම්වලට ගොදුරු වුණු කෙනෙක්. සමකාලීනය එංගලන්තයේ තිබුණු අධ්‍යාපන මතවාද අනුව තමයි කන්නන්ගර මහත්තයා කටයුතු කෙළේ. නමුත් මෙරට අධ්‍යාපනයේ විශාල වෙනස්කම් කළා. අප එය පිළිගන්න ඕන.

ඉතිහාසය සංස්කෘතිය අධ්‍යාපනයේ පදනම වෙන්න ඕන.

 

අපේ රටේ අධ්‍යාපනය තුළ අපේ ඉතිහාසය අපි අමතක කරලා. අධ්‍යාපනයේ මුහුණු දෙකක් තිබෙනවා. එකක් අතීතය දෙස, එහෙම නැතිනම් තමන්ගේ රට දෙස බලාගෙන ඉන්න මුහුණක්. අනෙක අනාගතය දෙස, එහෙම නැතිනම ජාත්‍යන්තරය දෙස බලාගෙන ඉන්න මුහුණක්. අපට මේ මුහුණු දෙකම ඕනෑ. ඒ මුහුණු දෙකම සමබරව පවතින්න ඕනෑ.

බටහිර රටවල් දැන් කියන දෙයක් තමයි, විද්වත්භාවය තිබුණේ පෙරදිග කියන එක. කාර්මික විප්ලවයෙන් පසු බටහිර නැඹුරු වුණා භෞතික පැත්තට. අප ඔවුන් පිටුපස ගොස් අපේ සම්ප්‍රදායේ තිබුණු ශ්‍රේෂ්ඨ ලක්ෂණ අමතක කළා.

අපට ඉතිහාසයේ ජීවත් වෙන්න බැහැ. මොකද අපි වර්තමානයේ ජීවත්වන නිසා. අපට අනාගතයක් අවශ්‍ය නිසා. ඒත් අනෙක් අතට ඉතිහාසය අමතක කර කවදාවත් රටේ අධ්‍යාපනය හදන්න බැහැ. ඉතිහාසය මත තමයි අපේ දෙපා තිබෙන්න ඕනෑ. ඉතිහාසය කියන්නේ මෙහෙම රජෙක් හිටියා කියල දැනගන්න එක නෙවෙයි. අපේ ගලාගෙන එන සංස්කෘතියක් තිබෙනවා. ඒ ගලාගෙන එන සංස්කෘතිය පැහැදිලිවම අපේ අධ්‍යාපනයේ පදනම වෙන්න ඕන. එහෙම නැතිනම් ඒක ජාතික අධ්‍යාපනයක් වෙන්නේ නැහැ.

පාසල් පංති කාමරයේ සාහිත්‍යය නැහැ.

 

වර්තමාන සමාජයේ පවතින බිඳ වැටීම, තරුණ පෙළේ බිඳ වැටීම, ප්‍රචණ්ඩත්වය අැතිවීමට අපේ රටේ පවතින මේ හිතක් පපුවක් නැති අධ්‍යාපනයත් හේතුවක්. අපේ රටේ අධ්‍යාපනය තරග දුවන්න උගන්වනවා මිස, අධ්‍යාත්මය පෝෂණය කරන දෙයක් උගන්වන්නේ නැහැනෙ.  ඒ නිසා සාහිත්‍යය උගැන්වීමේ අවශ්‍යතාව, සාහිත්‍යය සාහිත්‍යය වශයෙන් උගැන්වීමේ අවශ්‍යතාව බොහොම තදින් දැනෙනවා.

පාසල් පංති කාමරයේ සාහිත්‍ය නැහැ දැන්. සාහිත්‍ය පොත්වලින් කොටස් ළමයින්ගේ පෙළ පොත්වලට අැතුළත් කර තිබෙනවා. සාහිත්‍ය කියා කාල පරිච්ඡේදයක් තිබෙනවා. එහෙම වුනාට සාහිත්‍යය නෙවෙයි උගන්වන්නේ, වෙන මොනවද. දැන් පාසල්වල සිටින ගුරුවරු සාහිත්‍යය උගන්වන්න දන්නෙත් නැහැ. හේතුව, 1972 දී ලංකාවේ අධ්‍යාපනයෙන් සාහිත්‍යය කැපුණා. එයින් පසුව පාසල්වල ඉගෙන ගත් අය තමයි අද පාසල්වල ගුරුවරුන් වී උගන්වන්නේ. ඔවුන් සාහිත්‍යය උගන්වන්න දන්නවයි කියා හිතන්න අමාරුයි.

අපි දන්නවා 50-60-70 දශකවල මේ රටේ යම්කිසි සාහිත්‍ය නිර්මාණකරණයක යෙදුණු අය බොහොමයක් ගුරුවරු. අද ගුරුවරු ඒ ක්ෂේත්‍රයෙන් සම්පූර්ණයෙන්ම අෑත් වෙලා, ඔවුන් පොත පත කියවන්නේ නැතිවා පමණක් නෙවෙයි, ලියන්නෙත් නැහැ.


හොඳම දේ ළමයින්ට


ළමයි කියන්නේ පූජනීය පරපුරක්. ළමයි නරක් වුණොත් මුළු ජාතියම නරක් වෙනවා. ඒ නිසා ළමයින්ට හොඳින් පෙරල, මැනල දෙන්න ඕනේ. අපේ එහෙම එකක් තිබෙනවාද? විෂය සම්බන්ධ පොත් හැරුණු කොට ළමයින්ට කියවන්නට පොත් නැහැ. කුමාරතුංග මහත්තයා වගේ, ඉලංගරත්න මහත්තයා වග‍ේ කෙනෙක් වර්තමානයේ නැහැ. මං විශ්වාස කරන හැටියට ඉලංගරත්න මහත්තයා තමයි ළමයින්ට හුඟක් හොඳ ප‍ොත් ලියල ති‍බ‍ෙන්නේ. නමුත් ඔහු ළමා සාහිත්‍යකරුවෙක් විදියට සම්භාවනාවට පාත්‍ර වී නැහැ. කුමාරතුංගයන් ලියූ ළමා පොත් අදටත් නවතාව‍ය‍ෙ න් රස විඳින්න පුළුවන්. ළමයි වෙනුවෙන් කැපවූ ල‍ේඛකය‍ෝ දෙතුන් ද‍ෙ‍නෙක් වර්තමානයේ නැතිවා නෙවෙයි. විශේෂය‍ෙ න්ම සිබිල් වෙත්තසිංහ මහත්මිය ගත්තොත් ඇය ළමයින්ට ආදරේ කරන, ළමයින්ග‍ේ නිර්මාණ ශක්තිය මොට කරන්නේ නැතිව එය දල්වන්න වෑයම් කරන ලේඛිකාවක්. අප ඇය බෙහෙවින් අගය කළ යුතුයි. ඇගේ ප‍ොත්, කියවන සමා‍ජයෙන් කවදාවත් ඈත් වෙන්න‍ේ නැහැ. 


අප‍ේ ළමා සාහිත්‍යය ඛේදවාචකයක්


මම කියන්නේ ළමයින්ට පොත් ලියන වැඩි දෙනෙක් ගැන. පුංචි ළමයින්ට‍ පොත් ලිවීම අපේ රටේ ඛේදවාචකයක් වෙලා. ලංකාවේ පොතක් ලියාගන්න තරම් දැනුම් සම්භාරයක් ඇත්ත‍ෙත් නැති අය මොකක් හෝ පොතක් ලියුවා  කියන්න ළමා පොත් ලියනවා. එය ඉතාම පහසු දෙයක් ව‍ෙ ලා. ළමයින්ට ලියන පොත් ඉතාම නිවැරදි වෙන්න ඕනන‍ෙ. පුංචි කාල‍ේ ඉග‍ෙ න ගන්න දෙයනෙ ජීවිතේටම පවතින්නේ. නමුත් මේ ළමා‍ පොත් කියවද්දි ඒවායේ භාෂාව ගැන මට නම් දුක හිත‍ෙ නවා. සමහරු හිත‍න්නේ ලොකු අකුරු පොත් පළ කරන එක තමයි ළමා සාහිත්‍යය කියලා. 

ලංකා‍ව්‍ෙ ළමා පොත් ලියන බ‍ොහෝ දෙනෙක් ළමා මනෝ විද්‍යාව ගැන ප‍ොඩි අවබෝධයක්වත් ඇති අය නෙවෙයි. ඇත්තටම රුසියානු, චීන, ඉංග්‍රීසි ළමා ප‍ොත් අරගෙන බැලුව‍ොත් පෙනේවි මේවායේ වෙනස. ම‍ොකද ඒවායේ පදනම වී ත‍ිබෙන්නේ ළමා මනස. ළමයෙක් කොහොමද ලෝකය දකින්නේ කියන එක. ලංකාව්‍ෙ එහෙම න‍ෙව‍ෙයි. වැඩිහිටිය‍ො දකින ඒව ළමයින්ගේ ඔලුවට දමනවා. ඒ කියන්න ජනකතාවක් වුණාට ඒක ළමා කතාවක් වෙන්නේ නැහැ. ළමයි හිතන හැටියට හිතා එ් අනුව ලියන්න ඕන. 

කුමාරතුංග මුනිදාස මහත්තය‍ාග‍ේ 'හීන්සැරය', 'ශික්ෂා මාර්ගය' වගේ පොත් මේ සඳහා හ‍ොඳ නිදසුන්. 'ශික්ෂාමාර්ගය' පස්වැනි පොත කිය‍ෙ වුවාම ඇත්තටම අද අ.පො.ස. (සාමාන්‍ය පෙළ) පංතියේ ළමයකුට වඩ‍ා භාෂා දැනීමක් එනවා. ඒ වගේ පරමාදර්ශ අපට තිය‍ෙද්දී තමයි මේ ඉබාග‍ාතෙ යන්නේ. ළමා සාහිත්‍ය කෘති කියා හඳුන්වන ඒවා ගත්තොත් ළමයි ගැන ආදරය දක්වන, ළමයින්ට හිතවත්ව ඒවා ලියැව‍ෙන බවක් නම් පේන්න නැහැ. පෙන‍ෙන්නට තිබෙන්නේ නම් ළමයින් ගසා කන සාහ‍ිත්‍යයක් විතරයි.


ළමා පත්තර විෂය දැනුමට පමණක් සීමා වෙලා


ල‍ංක‍ාව්‍ෙ මුල් ළමා පත්තර පටන්ගත්තේ පුවත්පත්වලම කොටස් හැටියට. ඒ කාල‍ේ පුවත්පත්කල‍ාව්‍ෙදීන්ගේ හොඳ ප්‍රමිති තිබුණා. ළමා පත්තරවල ප්‍රමිති තිබුණා. ඒ නිසා  සෑහෙන තරම් පො‍හොසත් යම් සම්ප්‍රදායක් ගොඩනැගුණා. වර්තමානය‍ේ වුවත් ප්‍රධාන පුවත්පත් ආයතන කිහිපයක පළ කරන ළමා පත්තර ගැන එතරම් විවේචනයක් කරන්න නැහැ.

වර්තමාන වෙළෙඳපොළේ ළමා පත්තර විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා විෂය කරුණු පැත්තට නැඹුරුව වැඩියි, ළමයින්ගේ හැදියාව, නිර්මාණකරණය පැත්තට නැඹුරුව අඩුයි. පංති කාමරවල කරන දේම මුද්‍රිත මාධ්‍යයෙන් කරන එකයි මේ ළමා පත්තර කරන්නේ. අනෙක් අතට භාෂාව අතින් මේවායේ බොහෝ දුර්වලකම් තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගය සඳහා පමණක් එක සතියකට පත්තර දහයකටත් වැඩිය පළ වෙනවා. සමහර දෙමව්පියො ඒ පත්තර සියල්ලම ගන්නවා. ළමයා පත්වෙන තත්ත්වය හිතාගන්න පුළුවන්ද? අැත්තටම බැලුවොත් ජීවිතය පෝෂණය කරන පත්තරනෙ තිබෙන්න ඕන.එහෙම පත්තර කියවන්න ළමයින්ට තිබෙන අවස්ථා අඩු කරනවා, අර විෂ්‍ය කරුණු කට පාඩම් කිරීම දිරිගන්වන පත්තර නිසා. ළමයින්ගේ හැදියාව සහ හැකියාව වැඩි දියුණු කරන සාහිත්‍යයක් පොත්වලින් සහ පත්තරවලින් අවශ්‍ය වී තිබෙනවා.

1 comment:

  1. දොලහනේ තියෙන්නේ අද නින්ද පස්සට දානවා

    ReplyDelete