'පාඨයකාගේ' පරිවර්තන සාහිත්‍ය සා පිපාසාව කිසිදා
සංසිඳවිය හැක්කක් නො වේ. අසූ ගණන් අග භාගයේ පමණ සිට 'පාඨයකාට' වැළඳී ඇති මේ
තත්ත්වය දිනෙන් දින උත්සන්න වනු මිස සමනය වන පාටක් නැත. මේ සැප්තැම්බරය ද, ගෙවුණු
සැප්තැම්බරයන් මෙන් ඒ පිපාසය ඉහවහා ගිය සමයක් වනු ඇතැයි සිතේ.
'පාඨයකා' ඇතුළු බොහෝ දෙනකු පරිවර්තන සාහිත්‍ය කියවීමට
පිවිසුණේ සෝවියට් රුසියානු පරිවර්තන ඔස්සේ ය. ඉන්පසු ලතින් ඇමරිකානු පරිවර්තනයන්ගේ
රස විඳින්නට අවස්ථාව ලැබිණි. මෙම පරිවර්තන 'පාඨයකාගේ' ජීවිතය කෙරෙහි සිදු කර ඇති
බලපෑම කොතෙක්දැයි කිවහොත් 'පාඨයකාට' ලංකාවේ සුන්දර බිම් පෙදෙසකට වඩා සෝවියට් දේශයේ
ස්ටෙප්ස් බිම සමීප ය. කොළඹ වීථියකට වඩා ලතින් ඇමරිකානු රටක වීථියක් හිතට සමීප ය. ඒ
එම සාහිත්‍ය නිර්මාණ පරිවර්තන සහෘද හද මනස තුළ කර ඇති විපර්යාසයයි. භාෂාව තුළින්
මිනිස් මනස තුළ පෑ හැකි ආශ්චර්යයන් කොතෙක්දැයි 'පාඨයකාට' එබඳු අවස්ථාවල සිතෙන්නේ ය.