ඉන්දියාව යනු දැවැන්ත සංස්කෘතික උරුමයන්ගෙන් පිරිපුන් දේශයකි. ඒ උරුමයෙහි බලපෑම කොතෙක්ද යත්, ඉන්දියාවේ නූතන විද්‍යා තාක්ෂණ පර්යේෂණවලදී පවා ඒ අතීත දැනුම් පද්ධතියේ නන් විධ මූලයන් ඔස්සේ සිදු කරන ගවේෂණවල ලකුණු දක්නට ලැබේ. එලෙස, ඉපැරණි ඉන්දියානු උරුමයන් අතර වන සංස්කෘත භාෂාව, නූතන විද්‍යා සන්නිවේදනය, පරිගණක වැඩ සටහන් කරණය හා කෘත්‍රිම බුද්ධිය සඳහා භාවිත කිරීම යනු ක්‍රිස්තු පූර්ව අවධියේ දැනුමක් නූතන ඩිජිටල් යුගය තුළ ස්ථානගත කරන සුවිශේෂී අවස්ථාවකි. ඉන්දියාවේ ලක්නව් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සහකාර මහාචාර්ය ආචාර්ය පුනිත් කුමාර් සහ ඉන්දියානු රජයේ විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සහයෝගිතා අංශයෙහි උපදේශක සහ ප්‍රධානියා වූ ආචාර්ය සංජිවි කුමාර් වනි විසින් Science India සඟරාවට ලියන ලද ලිපියක් ඇසුරෙන් සැකසුණු මේ ලිපිය, ඉපැරණි ඉන්දියානු භාෂා උරුමයක් නූතන ඩිජිටල් ලෝකය තුළ ස්ථානගත කිරීමේ ඒ අපූරු කටයුත්ත ගැනය.
Saturday, October 11, 2025
ඩිජිටල් යුගයේ සංස්කෘත ලකුණ

Monday, October 6, 2025
යුක්‍රේනය හෙවත් AI යුද විද්‍යාගාරය
2022 ජූනි 1 වැනි දින උදෑසන, දත්ත විශ්ලේෂණ සමාගමක් වන Palantir Technologies හි ප්‍රධාන විධායක නිලධාරී වන ඇලෙක්ස් කාර්ප්, සිය සගයන් පස් දෙනෙකු සමඟ පා ගමනින් පෝලන්තය සහ යුක්‍රේනය අතර දේශ සීමාව තරණය කළේය. අනෙක් පැත්තේ, තැලුණු Toyota Land Cruiser වාහන දෙකක් ඔවුන් එන තුරු බලා සිටියේය. සන්නද්ධ ආරක්ෂකයින් විසින් පැදවූ ඔවුන්ගේ වාහන දෙක බෝම්බ හෙලන ලද ගොඩනැගිලි, කාලතුවක්කු ප්‍රහාර වලින් හානි වූ පාලම්. පිළිස්සුණු ට්‍රක් රථවල නටබුන් පසු කරමින් හිස් අධිවේගී මාර්ග ඔස්සේ යුක්‍රේනයේ අගනුවර වූ කියෙව් දෙසට වේගයෙන් ගමන් කළේය.
Friday, October 3, 2025
ලෝකයේ ඝාතන ලයිස්තු දේශපාලනය හා තාක්ෂණය
‘ලැවෙන්ඩර්’ පද්ධතිය, ප්‍රධාන වශයෙන් ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය දත්ත මත පදනම්ව ගාසා තීරයේ සෑම පුද්ගලයකුටම එක සිට සියය දක්වා ලකුණු ලබා දෙන අතර, ඉහළ ලකුණු ඇති අයව එහි සැක කටයුතු සටන්කාමීන්ගේ ඝාතන ලැයිස්තුවට ස්වයංක්‍රීයව එක් කරනු ලබයි. ඉන්පසු ඊශ්‍රායලය “Where’s Daddy?” (“තාත්තා කොහෙද?”) නමින් හැඳින්වෙන වෙනත් ස්වයංක්‍රීය පද්ධතියක්, මෙම පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් ඔවුන්ගේ නිවෙස් තුළදී මරා දැමීම සඳහා ගුවන් ප්‍රහාර කැඳවීමට භාවිත කරයි.