tag:blogger.com,1999:blog-5677286924066288504.post6840719265231696263..comments2023-04-07T05:17:31.105-07:00Comments on පාඨයකාගේ පිටුව: පාඨයකාගේ බ්ලොග් විචාරය : 'වලස්පතිගේ අඩවිය'ප්‍රභාත් චින්තක මීගොඩගේ http://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-5677286924066288504.post-81979534217498530602016-09-22T01:43:23.596-07:002016-09-22T01:43:23.596-07:00ස්තූතියි, සහෝදරී.ස්තූතියි, සහෝදරී.ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-76889387795589792552016-09-22T01:41:04.738-07:002016-09-22T01:41:04.738-07:00හිතවත් පාඨකය, මෙන්න මේ ක්‍රමය. භාවිතා කරන්න ඔබ ...හිතවත් පාඨකය,  මෙන්න මේ ක්‍රමය. භාවිතා කරන්න ඔබ බ්ලොග් වලට කොමෙන්ටු ලෙස දමන ලින්ක් වලට කෙලින්ම යන්න හැකි වේවී..එයින් බ්ලොග්කරුටත් අන් අයටත් පහසුවක් වේවී..සමාවෙන්න ඉහත එක් ක්‍රමයකින් වත් ඔබට පෙනෙන විදිහට එය දමන්න නොහැකි උනාට.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-76753600926590997392016-09-22T01:28:03.915-07:002016-09-22T01:28:03.915-07:00හිතවත් පාඨකය, මෙන්න මෙය භාවිතා කරන්න ඔබ බ්ලොග් වලට...හිතවත් පාඨකය, මෙන්න මෙය භාවිතා කරන්න ඔබ බ්ලොග් වලට කොමෙන්ටු ලෙස දමන ලින්ක් වලට කෙලින්ම යන්න හැකි වේවී..එයින් බ්ලොග්කරුටත් අන් අයටත් පහසුවක් වේවී..

මෙහි ලින්කුව දැක්වෙන කොටසක් පමණක් ඒ ඒ පොස්ට් එකට හෝ ලින්ක් එකට අදාලව වෙනස් කරන්න.

// ඔබගේ බ්ලොගය ගැන සටහනක් මෙතැන අැත //

මා දමා ඇති "//" සලකුණු නොමැතිව යොදන්න.නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-26322017224264301462016-09-21T19:40:53.820-07:002016-09-21T19:40:53.820-07:00ක්රිෂ්ණ අයියා, අැත්තටම මමත් අවුරුදු 15කට අාසන්න ප...ක්රිෂ්ණ අයියා, අැත්තටම මමත් අවුරුදු 15කට අාසන්න පුවත්පත්කලා ජීවිතයෙන් සමුගෙන දැන් අවුරුදු 6ක් පමණ ගතවෙලා. වර්තමාන මාධ්‍යකලාව ගැන ඔබට වගේම මටත් තිබෙන්නේ බරපතළ කළකිරීමක්. අරමුණු හා විශ්වාසයන් වෙනුවෙන් මා සමග අතීතයේ පුවත්පත්කලා කටයුතුවල යෙදුණු සහෝදර සහෝදරියන් ගණනාවක්ම දැන් එයින් අෑත්වී සිටිනවා. ඔවුන් සමාජ දැක්මක් තිබුණු, ඒ වගේම ඉතා හොඳින් ලියන්නත් පුළුවන් මිනිස්සු. ඒ අෑත්විමට හේතුව වර්තමාන මාධ්‍ය භාවිතය පිළිබඳව තිබෙන කළකිරීම.
නමුත් දිගු කාලයක් සන්නිවේදකයකු ලෙස කටයුතු කළ විට වැළඳෙන 'නොලියා සිටිය නොහැකි රෝගය' මටත් තිබෙනවා. පුවත්පත්වලට නැතත් බ්ලොග් තුනක් ලියන්නේ ඒ නිසයි. අප ලබාගත් දැනුම අහසින් වැටුණු දෙයක් නෙවෙයි. අපට පෙර සිටි මිනිසුන්ගේ අධ්‍යයනවලින් උපන් දේවල්. අැත්තටම ගත්තොත් සාමූහික දේපළක් වගේ. ඒ ගලාගෙන එන දැනුම් ප්රවාහයට මේ සමාජ මොහොතේ මගෙන් ලබාදිය හැකි අංශුමාත්ර හෝ දායකත්වයක් වේ නම් එය ලබාදීම තමයි මගේ බ්ලොග් ලිවීමේ අරමුණත්. ඒ දැනුම් අංශුව කවදා හෝ කාට හෝ ප්‍රයෝජනවත් වේවි කියන විශ්වාසය බ්ලොග් අවකාශයේ රැඳී සිටින්නට උත්තේජනයක් වෙනවා.
ඔබ වැනි සාරවත් මිනිසුන් පුවත්පත්කලාවෙන් අෑත්වීම කනගාටුයි. (ඔබ ලක්බිමේ සිටින කාලයේ එහි සිටි නිලූක කදුරුගමුව සොයුරාත් 'පරිවර්තන' http://nilukakadurugamuwa.blogspot.com/නමින් බ්ලොග් එකක් කරනවා. වෙලාවක බලන්න.)
මා බ්ලොග් ගැන කරන මේ 'විචාරය' සාරවත් බ්ලොග්කරුවන් ධෙෙර්යවත් කරමින්, ඔවුන්ගේ දායකත්වය අගයමින්, හෙට දවසේ වඩාත් දියුණු හා සාරවත් සිංහල බ්ලොග්කලාවක් පිණිස කරන පුංචි උත්සාහයක්. අැත්තටම ලංකාවේ වර්තමාන පුවත්පත්කලාවට වඩා සිංහල බ්ලොග්කලාව ඉදිරියෙන් තිබෙන බව මගේ අදහසයි. ඉතින් මේ සයිබර් අවකාශයේදී ඔබගේ සාරවත් බ්ලොගය හමුවීම මට අපමණ සතුටක් වුණා. මේ විචාර සටහන එහි ප්‍රතිඵලයක්.
අවසාන වශයෙන්, ඔබගේ ප්‍රතිචාරයේ අදහසක්ම සංශෝධනය කර ලියන්නට මා කැමතියි.
'හැකිතාක් කල් ලියමු. සන්නිවේදනයේ යෙදෙමු.'ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-26190348689522297352016-09-21T08:14:03.657-07:002016-09-21T08:14:03.657-07:00පාඨයකා වෙත ලියමි.
මගේ මාධ්‍ය භාවිතය ගැන සහ බ්ලොගය ...පාඨයකා වෙත ලියමි.
මගේ මාධ්‍ය භාවිතය ගැන සහ බ්ලොගය ගැන විචාරයක් ලිවීම සම්බන්ධයෙන් ඔබට බොහෝ ස්තුතිවන්ත වෙමි. 2015 ජූනි මාසයෙන් පසුව හදිසියේ රැකියාව අහිමි විය. ඉතින් කොළඹ හැර පියා ගමට ගියෙමි. දැන් මම කිසිදු පත්තරයකට වැඩ කරන්නේ නැත. එහෙත් වසර ගණනක් තිස්සේ පුරුදුකර ගත් සන්නිවේදනයෙන් ඈත් වීමට නො සිතේ. පත්තරයක් නැතත් බ්ලොගයට ලියන්නේ එබැවිනි. බ්ලොගය වැඩි දියුණුකර ගත්තේ කොළඹ හැරපියා ගමට (ගාල්ලට) ගිය පසුව ය. බ්ලොගය කරන්නේද බොහෝ දුකසේ ය. මගේ නිවස අයත් පෙදෙසට ඉන්ටර්නෙට් සිග්නල් හිගවීම ඊට හේතුවයි. මා යමක් බ්ලොගයට දමන්නේ සීමිතව ලැබෙන ඉන්ටර්නෙට් අවසරය මත ය.

ඔබේ විචාරය මට වැදගත් එකක් වීමට එය ද එක් හේතුවක් වෙයි. අනෙක, දැන් මගේ මාධ්‍ය දිවියට 27 වසරකි. මා පටන් ගත්තේ ලේක්හවුස් ආයතනයේ කිරිඇල්ල වාර්තාකරු වශයෙනි. අවසාන වරට සේවය කළේ ඉරුදින පත්තරයේ ය. මේ කාලය පුරාවට මගේ ලිපි සහ ලියූ පොත් සම්බන්ධව විවිධ විචාර නම් පළ විය. එහෙත් මගේ බ්ලොගය අධ්‍යනයකර මේ තරම් පුළුල් විචාරයක් පළ වූයේ මුල්ම වතාවට ය. අනෙක, එය මා ඉල්ලා හෝ ඇප්ලිකේෂන් දමා ලියවා ගත් විචාරයක් ද නොවේ. එබැවින් ඔබේ විචාරය අතිශයින්ම වැදගත් ය. එයට බොහෝ ස්තුතිවන්ත වන්නෙමි.
අනෙක කොළඹ මාධ්‍ය ලෝකයෙන් දුරස්වී සිටින වකවානුවක එවැන්නක් පළවීම ද අපූරුවකි. දැන් මාධ්‍ය ඔස්සේ කෙරෙන ඇතැම් දේවල් ගැන මගේ පැහැදීමක් නැත. එබැවින් බ්ලොගයට ලියමි. ඉස්සර තරම් බරට වැඩ කළ හැකි නොවුණත් බ්ලොගයට යමක් ලියමි.
ඇත්තටම ඒවා ඔබ කියන තරම් යහපත් දැයි මට නො තේරේ. එහෙත් මා දැනගත් දෙය අන්‍යයන් අතර සන්නිවේදනය කිරීමට ඇති නොතිත් ආශාව නිසා ලියමි. බ්ලොගයට ලියමි. පොත් පත් ද ලියමි. අප දන්නා දෙය කොහේ හෝ ලියා තැබිය යුතු යයි ද අදහමි. ඒවා අනාගතයේ දී හෝ මනුෂ්‍යයන්ගේ දැනුම සහ බුද්ධිය වර්ධනය පිණිස හේතුවේ යයි සිතන්නෙමි. වර්තමාන අප සෙල්ලිපි, වංශකතා,පුරාවස්තු හෝ බ්‍රෝහියර් තවම කියවන්නේ ඇයි? ඔවුන් ඒවා ලියා නො තැබුවා නම් අප ඉගෙන ගන්නේ කොහෙන්ද? එබැවින් හැකිතාක් කල් ලියමි. සන්නිවේදනයේ යෙදෙමි. ඒ උත්සාහයට ඔබේ විචාරය ශක්තියක් බව ස්තුතිපූර්වකව සටහන් කරන්නෙමි.-ක්රිෂ්ණ විජේබණ්ඩාරkrishnahttps://www.blogger.com/profile/03553055919946258706noreply@blogger.com